"යීබෝ එහෙනම් හෙට බඳිමු අපි"
"මොකක්?"
"ඇයි ඔයා මට කැමති නැද්ද?"
"කැමතී ...ඒත්...."
"එහෙනම් කතාව ඉවරයි."
"ශන්ගා ඒත් අපි තව හිතන්න ඕනි නැද්ද? අපි තාම අපිව හරියට අඳුරගත්තෙත් නෑනේ.අපි හරියට කතා කලෙත් නෑ"
මං එහෙම කියනවත් එක්ක එයා මාව උඩ විසික් වෙන්න බ්රේක් එකක් ගැහුවා.
"ඉන්නවා නම් එක තීරණේක ඉන්නවා වැනෙන් නැතුව.එහෙම නැතුව වැනි වැනි මිනිහෙක්ට කැමතියි කියන්න එපා. හැම කෙනාම තමුන් වගේ නෑ.සමහර මිනිස්සු ඉන්නවා මොන දේ උනත් මොන තත්වයක් ආවත් එකම ස්ථිර තීරණේක ඉන්න. මට පේන්නම බැරි අද එකයි හෙට එකයි කියන චපල මිනිස්සුන්ව.තමුන්ට තීරණයක් ගන්න බැරිනම් දැනම මෙතනින් බැහැලා යනවා.හැබැයි ගියොත් ආයේ එන්න නම් හිතන්න වත් එපා තේරුනාද"
ඒ පොඩි දේට ඇයි දෙයියනේ එච්චර බැන්නේ? මං වැරැද්දක්ද කිව්වේ.? එයා මට බැන්නේ හරියට මාත් එක්ක පරණ තරහක් තියෙනවා වගේනේ.ඇයි එයා මට මෙහෙම කරන්නේ....?
"ශන්ගා මට යන්න ඕනි නෑ.මං ඔයාට කැමතියි කිව්වෙ ස්ථිරවම තමයි" මං කිව්වේ හැඬුම් ස්වරයෙන්.
"ම්ම්න්..ආයේ ඕක වෙනස් වෙන්න බෑ තේරුනාද? එහෙම උනොත් මං නරක මිනිහා කියන්න එපා.මං සාමාන්‍යයෙන් කෙනෙක්ට අවස්ථා තුනක් දෙන්නෙ නෑ.ඒක මතක තියාගන්නවා"
අවස්ථා තුනේ හරුපෙ මොකද්ද දෙයියනේ මං කලින් එයාට වරදක් කරලා නෑනේ..මේ පලවෙනි පාර .මට එයාගෙන් අහන්නත් හිතයි .එක්කෝ ඔන්නෑ .ඕවා අහන්න ගිහින් තවත් බැනුම් අහන්නයි මට වෙන්නෙ.කිව්වෙ මොකක් උනත් තේරුනා වගේ ඉන්න ඕනි.
"හරි ශන්ගා තේරුනා"
ඒත් එක්කම එයා ක්ෂනයකින් මගේ පැත්තට නැවුනා..එයාගේ හුස්ම මගේ මූණේ වදින තරමට එයා ලං උනා.වාහ් ...වචනයේ පරිසමාප්තයෙන්ම එයා ලස්සන මනුස්සයෙක්.මට කෙලත් ගිළුනා.මොනවද මේ එයා කරන්න හදන්නේ? මට කිස් එකක් දෙන්නද එන්නේ...මම තද කරලා ඇස් පියාගත්තා. එයාගේ අත මගේ ඉනේ ගෑවෙනවා.කෝ මොකුත් නෑනේ..මං ඇස් ඇරලා බැලුවා.අප්පටසිරි ශීට් බෙල්ට් එක දාලා තියෙන්නෙ.මං හොරෙන් එයා දිහා බැලද්දී එයා තොල් තද කරගෙන හිනවෙනවා.ශික් ලැජ්ජාවෙ බෑ.
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
ספרות חובביםවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤