"යීබෝ නැගිටින්න...යීබෝ.."
හොඳට නිදාගෙන හිටපු මාව ශන්ගා උදේම ඇහැරෙව්වා..යුනි යන්න වත් මං මෙච්චර උදෙන් නැගිටින් නෑ.
"අනේහ්...තා ටිකක්"
මම ආයෙම ඇස් පියාගෙන ගුලි උනා.
"යීබෝ දැන් කීයේ ඉඳන්ද කතා කරන්නේ.. මම අයේ කියන් නෑ ...හලනවා වතුර එකක් ඔලුවෙ ඉඳන්"
"ම්හ්හ්ම්..නිදාගන්න දෙන්නකෝ.."
මම කෙඳිරිගගා ආයෙම නිදගත්තා. ශන්ගා කට වහගත්තු නිසා හරිම සැනසීමෙන් නිදාගත්තා.ඒත් ඒ සැනසීම තිබ්බෙ ටික වෙලාවයි.කරන්ට් එකක් වැදිලා වගේ ගැස්සිලා මට නැගිට්ටුනේ සීතල වතුර බාල්දියකින් මං නෑවිලා ගිය හින්දා.මං නිකම් කරකවලා අතෑරියා වගේ උනේ මොකද්ද කියලා වත් හිතාගන්න බැරි උනා.
"අනේ මොන වදයක්ද අප්පා" සීතලේ ගැහි ගැහි මං එයාගෙන් ඇහුවා.
ඇත්තටම මට ඇඬුනා.ඇයි එයා මට එහෙම කරන්නේ...ඇස් පිහිදාලා හරියට බලද්දියි මං දැක්කේ එයා ටවල් එක් පිටින්.ඒ වගේම එයාගේ ඔලුවෙ ඉඳන් වතුර බිංදු තිබ්බා.මේ මනුස්සයා උදේම නාලා.අනේ දෙයියනේ ඇත්තටම පිස්සුද මේ මනුස්සයට.නෑවා නම් පාඩුවෙ ඉන්න එපැයි .එයා නාන්න ආස උනාට මං පලිද?
"ගිහින් නාගෙන එන්න"
"මට බෑ ...සීතලයි... පේන් නැද්ද මං වෙව්ලනවා කියලා."
"බබෙක්ද යීබෝ තමුන් .? ගිහින් පාඩුවෙ නාගන්නවද නැත්තම් මං මෙතනටම වතුර ඇදලා නාවන්නද?"
"නෑ නෑ මහන්සි වෙන්න එපා.මං නාගන්නම්"
මට තරහ ගියපු පාර මං බාත්රූම් එකට ගියා.කොහොමත් දැන් මං තෙමිලනේ බාගෙට.වෙනසක් නෑ මං නානවා. එහෙම හිතලා මං ශවර් එක ඇරලා ඒක යටට ගියා.අනෙ අම්මේ ඔලුවට හෙන ගහන්නා වගේ සීතල.ඇයි දෙයියනේ මට මෙහෙම උනේ...එයා මට ආදරේ නැද්ද? මං මගෙන්ම ප්‍රශ්න කලා.
එතකොට එයා කොහොමද ගානක් නැතුව ඉන්නේ ...සීතල දැනෙන් නැද්ද එයාට .මගේ හිතට ප්‍රශ්න කෝටියක් ආවා.
මං එලියට යනකොට ශන්ගා කෝපි එකක් බොනවා.තව දුම් දාන කෝපි දෙකක් මේසේ උඩ තිබුනා.මට ඉතින් රටක් රාජ්‍යයක් දැක්කා වගේ.මං කෝපි එක ගාවට ගියේ පියාඹලා.
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanfictionවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤