chapter 16🌿❤

2.1K 386 36
                                    

" හියුන්ග් ......"

" ම්ම්............."

" මන් හිතුවෙ ඔයා අයිස් කන්දක් කියල ...."

" ඇයි ඒ......"

මෙච්චර වෙලාම ක්‍රීම් බනිස් පුරවපු කබඩ් එක දිහා බලන් ඉදපු මාව එයා තුරුල් කරන් ඉද්දි එයාගෙ අත් අස්සෙන් ගැලවිලා මන් එයාගෙ මූණ දිහා බැලුවා...

" මන් හිතුවෙ මට තිබ්බෙ one side love එකක් කියල....."

" එහෙම නෙමේනේ....."

" ඇයි ඔයා මට කිව්වෙ නැත්තේ.... මන් ඔයාට කොච්චර ළං උනත් ඔයා එපා කිව්වෙත් නෑ හා කිව්වෙත් නෑ.....මට මන් ගැනම පිස්සු හැදිලා ඉදියේ.... ඔයා දන්නෑ ම්න් කොච්චර පිඩනේකින්ද ඉදියේ කියල ..."

එයා ලොකූ හුස්මක් අතෑරලා ගිහින් පුංචි කුස්සියේ ජනේලේ ඇරියේ ඇතුලට වාතාශ්‍රය එන්න....

" කොහොම උනත් අපි දෙන්නා හුගක් පරිස්සම් වෙන්න වෙනව.... මට විතරක් නෙමේ ඔයාටත් මේක බලපාන්න පුලුවන් ....."

" ඒත් හියුන්ග් මේක පෞද්ගලික ජිවිතේනේ... එහෙම වැටවල් බැමි බැදල හිර කරන්න පුලුවන් ද... කෙනෙක්ගෙ හදවත තව කෙනෙක්ට වැටෙන්න පුලුවන් ඕනෙම වෙලාවක.( fall in love )"

"  මේක කෑම්ප් එකක් බෝ.... මමයි මෙතන ප්‍රධානියා...හිතුන හිතුන වෙලාවට ආතල් එකේ ඉන්න මට බෑ.....ඊටත් වඩා මම මෙතන අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ......"

" ඔයාලගෙ විකාර තමයි ....."

එළියන් හමන් ආව සීතල හුළග නිසාම මම කෝට් එකේ සාක්කු දෙකට අත් දෙක දාගෙන කුස්සියෙන් එළියට ආවෙ බාතෲම් එකට යන්න ...

" කොහෙද ඔය යන්නේ.....?? මන් කිව්ව එකට තරහදයිද දැන් ....."

" නෑ අනේ.....මට චූ බරයි....."

එයා හීනියට හිනාවෙනව ඇහුනත් මම බාතෲම් එකට ගිහින් වැඩේ කරගෙන මූණ සෝදගෙන එළියට ආවා.....කොහොම උනත් මගේ නම් ලැජ්ජ නහරෙ කපලමයි තිබ්බෙ පුංචි කාලෙම.....එයාගෙ නම් එහෙම නෑ වගේ...

" මටත් එක්ක ඔයාගෙ කොෆී එකක් හදන්න......"

" හ්න්....."

එයා ශර්ට් එක ගලවල බැනියම පිටින් සැටියෙන් හාන්සි වෙද්දි කෝට් එක ගලවල පැත්තකට දාපු මම kettle එකේ වතුර ටිකක් ලිපෙන් තිබ්බා....

Forever Love Where stories live. Discover now