17.. එයාගේ වේදනාව ❤️💚

4.9K 635 465
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍 ......

බලා හිනැහෙන්නෙමි සුදුවන්
මුහුන බලා......
ඇත රහසක් කොදුරන්නට
ලං වීලා......
පැටලෙන දෙඅතෙහි හැගුමන්
මුහුන පුරා....
සුසුම්ලමින් හද කිති කවනවා
ආලය පතුරා......

tharuekanayake94 නංගා.... ගොඩක් ලස්සනයි ඉතින් මගේ කතාවක් වෙනුවෙන් ඔයාගේ අතින් ලියැවුණු කවිය...... ❤️💚💛



🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

සුපුරුදු පරිද්දෙන් ශාන්ගේ පපුවේ උණුසුමත් සමගින් යීබෝ  දෙනෙත් හැරියේය ... අද ඉතින් හිතේ හැටියට දවල් වනතුරු නිදා ගන්නට නොහැකිය.. ශාන් රැකියාව සඳහා පිටත් විය යුතු නිසා ඔහු වෙනුවෙන් උදෑසන ආහාරය සූදානම් කරන්නට ඇඳෙන් බැස යා යුතුමය... නිවාඩු දිනයට නම් ඉතින් කලින් අවදි වූ වත් යීබෝ කපටි කමටම shan අවදි වන තුරුම එලෙසින්ම සිටින්නේය...සමහර නිවාඩු දිනවලදී නම් ඔහු හිතාමතාම දවල් වනතුරු නිදා ගන්නේය...

ටිකවේලාවක් ශානිගේ පපුව මත මුහුණ තබාගෙනම සිටි යීබෝ  ඒ පපුව මතින් හාදුවක් තබා නැගිට්ටේ ශාන්ව  අවදි නොවන පරිද්දෙන් තම ඉන වටා එකී තිබුණු ඔහුගේ අත සෙමෙන් ඉවත් කරමින් ය.....මුලින්ම ඇඳෙන් බැස ගත් ඔහු ශාන් ව හොඳින් පෙරවා නාන කාමරයට ගොස් පිරිසිදු වී kitchen එක වෙතට ගියේය... ශාන්ගේ ෆේවරිට් බ්ලැක් කොෆී විතවුට් ෂුගර් සාදා කාමරයට යද්දී සුපුරුදු පරිද්දෙන් ඔහු නානකාමරයේය  ... මේසය මතින් වතුර වීදුරුව සහ කෝපි මග් එක තබා යීබෝ කූචියා දෙස බැලුවේය ...

" කම්මැලි කූචියා... "

එසේ කියාගෙනම ඔහු යලිත් මුලුතැන්ගෙයට ගියේය ....

අද මොනවද හදන්නේ..... හ්ම්ම්ම්....හ්ම්ම්ම්ම්.... අරෙහෙ ගිහිල්ලා ඉන්නේ රෑට හරියට කෑවෙත් නැති නිසා බඩ පිරෙන දෙයක් හදන්න ඕනේ....tortilla රොටී තියෙනවා ..හ්ම්ම්ම්.... චිකන්  බ්‍රේස්ට් ගත්තා.... වෙජිටබල් මික්ස් පැකට් එකයි.....  ලූණු ගෙඩියයි ... සුදුලූනු බික් දෙකයි.... උදේම ස්පයිසි ඕනෙ නෑ..... චිකන් බ්‍රේස්ට් චූටියට කපාගත්තා.....ලූණු ත් චුටියට කදුලුත් එනවා අප්පා ..... හ්ම්ම්ම්..... සුදුලූනු තලාගත්තා .... පෑන් එක ලිපෙන් තිබ්බා..... ආහ්....ඕට්ස් ටිකක් පෙගෙන්න දාන්න්න අමතක උනානේ...ඒකත් හරි...... ඔන්න ලූණු සුදුලූනු බ්‍රවුන් කලර් උනා.... චිකන් ටික දම්මා....බ්ලැක්පෙපර් , සෝල්ට්, සෝයාසෝස් ටිකක්, මයොනෙස් ටිකක්...හ්ම්ම්ම්ම්ම් සුවදයි.....වෙජිටබල් මික්ස් එකෙන් ටිකයි..... ටිකාක් වහලා තිබ්බා..... tortilla රොටී හතරක් ගත්තා .... ප්ලේට් එක උඩින් තිබ්බා..... හ්ම්ම්ම්.... අන්න අරක හරි.....පෙගෙන්න වතුර චූට්ටක් දාපු ඕට්ස් එක අවසානෙට දාලා විනාඩියෙන් බානවා..... tortilla රොටියක් ගත්තා පේස්ට් එක දැම්මා රෝල් උඩින් mozzarella චීස් ටිකක් දැම්මා රෝල් කරා..... ඔන්න හතරක් හරි....... හ්ම්ම්ම්.....ඔන්න බිග් බොස් එන්න හදන්නෙ...... එකක් දෙකට කැපුවා....ඔක්කොම මයික්‍රවේව් දැම්මා....

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Dove le storie prendono vita. Scoprilo ora