" ප....පා....."එයත් හිස් බැල්මකින් මගෙ දිහා බලද්දි මන් තොල් මැතිරුවෙ ඇත්තටම වේදනාවෙන්........
" එයාව අරන් යන්න.........!!!!"
ටික වෙලාවක් මා දිහා බලන් ඉදපු එයා කියද්දි ක්ෂණිකව ඔෆිසර්ස්ලා දෙන්නෙක් මාව අල්ලගත්තෙ මට හිතන්න වත් වෙලාවක් නොදී.... මගේ ඇස් වල කදුළු කොපුල් දිගේ බෙරෙද්දි මාගේ අත් දෙකට මාංචු වැටුනා...
මන් එයා දිහාම බැලුවෙ මේක කළේ මන් නෙමේ කියන්න උනත් එයා හිස් බැල්මකින් මගේ කාමරේ සීල් කරන්න අණ කළා..... ඔෆිසර්ස්ලා දෙන්නා මාව මිනීමරුවෙක් වගේ ඇදන් යද්දි මන් ඇඩුවා....හුගාක් ඇඩුවා..... දෙයියනේ පපා දැනගත්තද එහෙනම්.....
.....................................................................
මගේ ඇස් වලින් කදුළු වැල් පිටින් ගලන් යද්දි ඒ දෙන්නා මාව අරන් ආවෙ මේ කෑම්ප් එක ඇතුළෙ කවදාවත් මන් නාව තැනකට..... බිත්ති හතරකින් වට වුන පුංචි කාමරයක් වෙද්දි ඒක හරිම අදුරු උනා වගේම බල්බ් එළිය නැත්තන් තමාට තමාව වත් නොපෙනෙන තරමට මූසල උනා...
එතන මැද මෙසයක් තියෙද්දි මාව පුටුවෙන් වාඩි කරවපු ඔෆිසර්ස්ලා දෙන්නා මාංචුවේ දම්වැල එතන මෙසෙ මැදට සෙට් කළා....කදුළු පිරි දෑසින්ම කාමරේ වටේ ඇස් ගෙනියපු මම දැක්කෙ සුන්දර වටපිටාවක් නම් නෙමේ.... පණ පිටින් මිනිස්සු එල්ලන්න පුලුවන් තරමෙ ආයුධ අවට තියෙද්දි ඒව දැක්කම මට ඊට වඩා වෙගෙකින් ඇඩුනා....
ඔෆිසර්ස්ලා දෙන්නා යන්න යද්දි මන් මෙසෙට ඔළුව තියාගත්තේ හදවත හොදටම බිදිලා තිබුන නිසා.... ඒ කියන්නෙ පපා හැමදේම දැනගෙන කියන එකද..... ??
" අ....නේ....ප....පා......"
මන් ඉකි ගසා හඩද්දි මුළු කාමරේ පුරාම මගේ හැඩුම් හඩ දෝංකාර දුන්නා.... මෙතන තියෙන කස ,කඩු , කිනිසි දැක්කහම ඔළුව කැක්කුමත් අල්ලද්දි ඒ සේරමටත් වඩා හිතේ දුක දෙගුණයක් වැඩි උනා....
නමුත් එකපාරටම කාමරේ දොර ඇරෙද්දි මන් හැඩුම් නවත්තගෙන බෙල්ල හරවට පිටුපස බැලුවෙ උන් මාව වාඩි කළේ දොරට පිටුපාලා නිසා.... නමුත් දොරෙන් මතු උන රුව දැකල මට ආයෙත් ඇඩෙන්න ආවා...එයා මොනව කරයිද කියල දන්නෙ එයාම විතරයි .....