INTRO 💕

76 13 37
                                    

👦 "මේ තේ බොන්න නැගිටලා...."

     "දුවේ ඔය කොල්ලා වැඩට යන්නැද්ද අද...."

     "දැං කී පාරක් කීවද මේ තේ නිවෙනකන්ද ඉන්නෙ...."

            😌උදේ පාන්දර වැඩ දාහක් විතර කරන ගමන් එහාට මෙහාට දුව දුව ගෙදර අයටත් කෑ ගහන්නෙ වෙන කවුරුත් නෙවේ මගෙ අම්මා..... උදේ පාන්දරට නං අම්මව අල්ලන එක ලේසි නෑ.... ගෙදර කොච්චර කට්ටිය හිටියත් ඒ හැමෝගෙම මූලික වැඩ ටික කරන්නෙ අම්ම.... උදේ පාන්දර ගෙදර හැමෝගෙම එලාම් එකත් අම්මා තමයි.... උදේට අම්මගෙ සද්ද පූජාව ඇහුවෙ නෑ කියන්නෙ හරියට කෑවේ නෑ වගේ......

👨 "කෝ තව ලෑස්ති නැද්ද...."

     "අදත් බස් එක මිස් කරගන්නද හදන්නෙ"

     "මට වැඩට යන්නත් පරක්කු වෙනවා ටක්ගාලා එනවා ගිහින් දාලා එන්න"
                😌මේ තමයි මගෙ ආදර තාත්තා.... උදේ පාන්දරට අම්මගෙ සද්ද පූජාවට තමයි ඉතිං තාත්තත් ඇහැරෙන්නේ.... උදේට හැමෝටම ප්‍රවාහන පහසුකම් සපයන්නෙත් තාත්තා තමයි.... ඒ විතරක් නෙවේ ගෙදර හැමෝගෙම ආරක්ශකයා......

👩 "අම්මේ බබාගේ බ්‍රෂ් එක දැක්කද"

     "ඒයි ඒයි මේ ෆෝන් එක අරං යන්න"

     "මෙලෝ සිහියකිං නෙවේ ඉන්නෙ ඇත්තමයි"

     "මාස්ක් එකක් ගත්තද"

                 😌මේ මගෙ නෑන පොඩ්ඩ.... එයා ටීච කෙනෙක්.... අපේ අයියා ගැන සතුටු වෙන්න පුලුවං එකම දේ තමයි මටම හරියන නෑනෙක් හොයලා දුන්න එක.... මොකද අක්කත් කොච්චර උගත් උනත් මං වගේම පිස්සු කෝච්චියක්😂උදේ පාන්දරට අක්කගෙ කටට නං නිවනක් නෑ අයියට කෑ ගහලම....

🧒 "අයියෝ අම්මෙ පොඩ්ඩක් කෑ  ගහන්නැතුව ඉන්නකො"

     "චූටි මගෙ ෂර්ට් එක කෝ"

     "මගෙ සපත්තු දෙක පොලිෂ් කරාදෝ"

     "අම්මේ තේ එක ගෙනත් දෙන්ඩෝ"

     "පරක්කු වෙනවෝ"

                     😌මේකා තමයි උදේට මුලු ගෙදරම යුද පිටියක් කරන්නෙ.... වෙන කවුරුත් නෙවේ මගෙ අයියා.... කන පැලෙන්න නිදියලා වැඩට යන්න විනාඩි 15 තියලා නැගිටලා ලෑස්ති වෙන ගමන් මර ලතෝනි තිය තිය හැමෝගෙන්ම බැනුම් අහන ගෙදර එකම එකා.... ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා ගානක් වත් නෑ.... වෙලාවකට පොඩි එකාටත් අන්තයි😂

WHO ARE YOU.....?Where stories live. Discover now