1 - At the midnight

468 58 34
                                    

අද අමාවක දවසක්...

තරු පමණක් අහසේ ඉතිරි කර සඳු නික්ම ගිය අමාවක දවසක්...

අවට වූ අඳුර විසින් නගරයේ විසූ සියල්ලන්ම පාහේ ගැඹුරු නින්දක සතපවාලන්නට සමත් වූවා.

එහෙත් එක් තරුණයෙක්... එකම එක තරුණයෙක් පමණක් නින්ද පිළිබඳව අංශු මාත්‍රයක හෝ හැඟීමක් නොමැතිව සිය නිදන කුටිය තුළ ඔහේ සක්මන් කරමින් සිටියා.

ඔහු ජියොන් ජන්ග්කුක්...

සිය අසල්වාසීන්ට මෙන් නොව ඔහුගේ දිවියට සදාකාලයටම උරුම වී තිබුණේ අමාවකයි.

ඒ.... මීට සති කීපයකට පමණ පෙර ඔහුගේ පුර සඳ මෙලොවින් සදහටම නික්ම ගිය දිනයේ සිටයි.

තම සුන්දර අතීතයත් , කෙබඳු දැයි තමාටම වටහාගන්නට නොහැකි වූ වර්තමානයත් , අවිනිශ්චිත අනාගතයත් පිළිබඳව ඔහු දිගින් දිගටම කල්පනාවේ නිමග්නව සිටියා.

එක්වරම...

"ටක්...ටක්..."

ඒ යමෙකු ඔහුගේ කුටියේ දොරට තට්ටු කරන හඬයි.

- To be continued -

𝑻𝒉𝒆 𝑵𝒆𝒄𝒌𝒍𝒂𝒄𝒆 𝑶𝒇 𝑳𝒐𝒗𝒆 || 𝑻𝒂𝒆𝒌𝒐𝒐𝒌 (𝑪𝒐𝒏𝒑𝒍𝒆𝒕𝒆𝒅)Where stories live. Discover now