ටේහ්‍යුන් කෙලින්ම ගියේ ජන්ග්කුක් ව හොයාගෙන.ජන්ග්කුක්ව කොහොම හරි ශේප් කරගත්තෙ නැත්නම් අර කෙල්ලගෙන් ගැලවෙන්න වෙන්නෑ කියලා ටේහ්‍යුන් හොදටම දන්නවා.කොහොම හරි ජන්ග්කුක්ව හොයාගෙන ගිය ටේහ්‍යුන් දැක්කෙ library එකට යන ජන්ග්කුක්ව. ජන්ග්කුක් library එක ඇතුලට යන්න කලින් ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතින් ඇදගෙන වැඩිය කවුරුත් නැති තැනකට ගියා.
Jungkook - මොනවද මනුස්සයෝ කරන්නෙ.තව පොඩ්ඩෙන් පපුවෙ අමාරුව හැදෙනවා බය උන පාරට.
Tae- අහ් හායි ජන්ග්කුක්.
Jungkook - ඇ ටේ ඔයාගෙ ඔලුව කොහෙහරි වැදුනද.
Tae- අහ් නෑ මේ ජන්ග්කුක්.
Jungkook - ඒ පාර මොකද මේ කෙල්ලෙක් වගේ එහාට මෙහාට ඇබරෙන්නෙ.
ටේහ්‍යුන් ඔලුවත් කස කස බිම බාලන ඇබෙරෙද්දි ජන්ග්කුක් ඇහුවා.
Tae- අහ් මේකයි ජන්ග්කුක් මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනෙ.
Jungkook - මොකක්ද.
Tae- ඔයාට පුලුවන් ද පොඩි උදව්වක් කරන්න.
Jungkook - උදව්වක් ??
Tae- ඔව් මේ ඔයාට පුලුවන් ද ටික වෙලාවක් මගේ boyfriend විදිහට ඉන්න.
Jungkook - ආ
Tae- ඕක එච්චර දෙයක් නෙමෙයි නේ.කොහොමත් ඔයා මගෙ boyfriend නෙ.
Jungkook - මාව මොකටද.ඇයි අර උදේ ලියුමක් දීලා ගියපු කෙල්ල ඉන්නෙ එයාට කියන්න කො මට කියන්නේ.
Tae- ඒකට තමා මේ මං ඔයාගෙන් උදව්වක් ඉල්ලුවේ.පොඩ්ඩක් ඉන්න ඔයාට jealous නෙ.
Jungkook - jealous.පිස්සු ද මට ඇති ජෙලියක් නෑ.
Tae- එහෙනම් මොකටද දන්නෑ ඔච්චර මූඩ් අප්සට් ගහලා ඉන්නෙ.
Jungkook - ඕන දෙයක් හිතාගන්න.මං යනවා.
Tae- ඔහොම ඉන්න.ඔයා මට මේ දේ කරලා දුන්නොත් මං අර ලියුම ඔයාට දෙනවා.
Jungkook - ඇත්තට.
Tae- හ්ම්ම් ඔව්.
Jungkook - ඒත් මට බැ .
Tae- මොකක් අයියෝ ජන්ග්කුක් ඉන්නකො.මට උදව් කරන්නකො.
ටේහ්‍යුන් කොච්චර කතා කරත් ජන්ග්කුක් නෙමෙයි හැරිලා බැලුවේ.