එයාගෙ ඇස් දිහා බලපු මට දැනුනු හැගීම මම නොදද්දි ලොකු හුස්මක් ගත්ත මම අගලක් ළගින්ම තිබුණ එයාගෙ මූණ දිහා බැලුවා...." ඔ....යා....ගේ....කැ...මැ..ත්තක්... ම..ගේ....ප...පාහ්....."
එයාගෙ ඇස් දිහා බලපු මම එයාගෙ ලේ ගෑවුන අත දිහා බලලා ඒක තවත් ඇතුළට තද කළේ පණ නැතුව මාව බිමට කඩන් වැටෙද්දි....
එයා හිටගෙන හිස් හැගීමෙන් මන් දිහා බලන් ඉද්දි ලේ ගලන කුසට අත තියාගත්ත මම පපුව අල්ලගෙන කැස්සෙ දරාගන්න බැරි තරම් ලේ මුවින් වගේම නහයෙන් පිට වෙද්දි....
එයා මන් දිහා බලාගෙනම පොළවෙ දණ ගහගනිද්දි මන් කදුළු පිරුණු දෑසින් එයා දිහා බැලුවා.....මගේ හිතේ වෛරයක්.... කොහෙත්ම නෑ....මට තියෙන්නෙ මන් ගැනම අනුකම්පාව සහ පසුතැවීම විතරයි ....
මම බිම බලාගෙනම කහිද්දි නහයෙන් ලේ බිංදු බිංදු වැක්කිරීගෙන ආවා......එයා හෙමින් හෙමින් අත දික් කරලා මගේ දෙතොල් වල තිබ්බ ලේ මහපට ඇගිල්ලෙන් පිහදාද්දි වෙව්ලන දෑතින් මන් එයාගෙ අත අල්ලගෙන තවමත් ගැහෙන හදවත උඩින් තිබ්බා....
" බ..ඩ...ට... ඇ...න්..න... වෙ..ලා...වෙ මෙ..ත..නට.. ඇ..න්..නා.... නම්.... මන් එ...ක පා...රි....න්....ම ..මැරි.....ලා... ය...න්...න තිබ්...බා පපා...."
කතා කරගන්න බැහැ මට....ඒත් මම මට කියන්න තිබ්බ අන්තිම දේත් එයාට කියල දැම්මෙ හුස්ම හිර වෙනව වගේ ගතියක් දැනෙද්දි....
වැටෙන්න ගිය මගේ ඔළුව වැදෙන්න නොදී එයා අල්ලගෙන මගේ හිස එයාගෙ උකුළෙන් තියාගත්තෙ මන් එයාගෙ මුහුණ දිහාම බලන් ඉද්දි.....
.............................
ඔයාට ඕනි උනේ මගේ මරණය දකින්නද මගේ පපා....මාව ඔයාගෙ අත් වලින්ම මරලා දාන්නද.....?? සමහරවිට ඒක ඔයාට ඉහළින් ලැබුණ අණක් වෙන්න ඇති.... නැත්තන් ඔයා ඔහොම කරන එකක් නැහැ නේද... අනිවාරෙන් ඔයාට හේතුවක් තියෙන්නැති...
එක දිගට මගේ මුවින් ලේ පිට වෙද්දි මන් දිහා ඇස් වල කදුළු පුරවන් බලන් ඉදපු එයා මගේ දෙතොල් වල ලේ පිහදැම්මා....
" ප......පා......"
මන් හෙමීට මුමුණද්දි මන් දැක්කා එයාගෙ ඇස් වල කදුළු කොපුල් දිගේ ගලන් වැටෙනවා....කුසෙන් දැනෙන වේදනාව මට දරන්න බැරි වෙද්දි ලේ ගෑවුණ වෙව්ලන දෑතින් එයාගෙ අත අල්ලගත්ත මම ඒක තවත් ගැඹුරට තද කළේ ඉක්මනට අන්තිම හුස්ම පොදත් පලයන් කියන බලාපොරොත්තුවෙන්...