💍💍 Are YOU KIDDING ME 💍💍 .......
⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
දින කිහිපයක් සාමකාමීව ගෙවී යද්දී දීර්ඝ සති අන්තයක් ලං ලංව තිබුනි... ඉතින් අද සිකුරාදා දිනයයි.... සෙනසුරාදා ඉරිදා පමණක් නොව සදුදාද නිවාඩු දිනයකි.... දේවල් කොයිතරම් ඒ ලෙසින් වූවත් අද උදෑසනින්ම යීබෝ අවදිවූයේ සතුටකින් නම් නොවේ..
" good morning ගගා..."
යීබෝ කෝපි මග් එක මේසය මතින් තියද්දීත් කුමක් හෝ ශන්ගෙන් බලාපොරොත්තු වූවත් ප්‍රතිචාරයක් නොමැත ....
" good morning සුදු මැණික ....මට අද ඉක්මනට ඔෆිස් එකට යන්න ඕනේ ඒක නිසා breakfast එකට පුංචි දෙයක් හදන්න...."
ශාන් ලැප් එකට මුහුණ ඔබාගෙන ම කීවේය.... යීබෝ හිස පමණක් සලමින් කාමරයෙන් පිටතට ආවේය. ඔහුටත් නොදැනීම ඔහුගේ දෙනෙත් වල කඳුළු පටලයක් පිරුනත් යීබෝ ඒවා කාටවත් නොපෙනෙන්නට පිසදා ගත්තේය....
පාන් පෙති කිහිපයක් පෝස්ටරයට දමා පුලුස්සා ගත් ඔහු ඒවා ප්ලේට් එකක් මතින් තබා බටර්, පීනට් බටර් , ජෑම්, නොටෙල්ලා යන සියලුම වර්ගයේ බෝතල් ඒ අසලින් තැබුවේ ය.... ඉන්පසුව ඉක්මනින් ෆෘට් ජූස් එකක් පුරවද්දී ම ශාන් සූදානම් වී එතැනට ආවේය...
" මම අද ටිකක් කලින් යනවනේ ඩම්ටි.... හත හමාර වෙනකොට කුවා එයි ඔයාව ඩ්‍රොප් කරන්න.... අනික අද ඔයා හතරට ඕෆ්වෙලා ඔෆිස් එකට එන්න එපා.... මම ගෙදර එද්දී 7 විතර වෙනවා ඒක නිසා කුවා එක්කම ගෙදර යන්න ...."
ශාන් කලබලයෙන් පාන්පෙති දෙක තුනක් ආහාරයට ගෙන බීම වීදුරුවේ නුත් අඩක් පමණක් පානය කර යීබෝගෙ කොපුල් මත ටත් දෙතොල් මත ටත් කෙටි හාදුවක් තබා ඉක්මනින් පිට වී ගියේය... යීබෝ වැසී ගිය දොර දෙස බලාගෙන සෑහෙන වෙලාවක් සිටියේය...
",කමක් නෑ... මට මේව පුරුදුයි....."
යීබෝ තනිවම මුමුණමින් ශාන් ආහාර ගත් ස්ථානය පිරිසිදු කර ඉක්මනින් සූදානම් උනේය...හිතේ වේදනාවට ඔහු යුන්හි මමාව සොයාගෙන ගියේත් නැත....
" good morning කූ ගගා ..."
කුඩා බලාපොරොත්තුවක් සමඟින් කුවාන් අසලට ගියත් ඔහුගේත් වෙනසක් නැත...
![](https://img.wattpad.com/cover/312453487-288-k463132.jpg)
YOU ARE READING
💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )
Fanfiction❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක්...