3rd breath 🍂

377 66 9
                                    

Jungkook's view

-" හහ් ...!! මෙච්චර ලොකු ගෙයක් මොකට හදාගත්තද මන්දා ..."

ස්ටෙයාර් කේස් එක නැගලා එතනම බිත්තියට වාරු වෙලා මම පපුව අල්ලන් හති ඇරියා. වෙනදට පඩි හතර පහ එකට අල්ලලා මේකේ උඩට පහළට දුවන මට දැන් විනාඩි විස්සක් තිස්සේ හිමීට නැග්ගත් හරි මහන්සි දැන්. බෙඩ් රූම් එකට ඇවිත් උඩු අතට ඇලවෙලා අත් දෙකත් දෙපැත්තට දිගෑරගෙන මම සිවිලිම දිහා බලාගෙන ඉදියා. යූ... ඔයා නැතුව අදට මාස හයක්.. මට අමාරුයි යූ.. ඔයා නැති අඩුව මට හුගක් දැනෙනවා දැන්

හහ්.. ඒ කෙල්ල පන්නගත්තේ ඔයාමයි ජන්කුක්.. දැන් තනියම විදවන්න.. ඒකයි ඔයාට ලැබෙන්න ඕනි දඩුවම

එහෙම හරි ඔයා හිත හදාගන්නවනම් මම මේක දුකක් හැටියට නොදකින්නම්...

ඇග රිදෙන නිසා මම කෙඳිරි ගාගෙනම අනිත් පැත්ත හැරුණා. පිච්චෙනවා වගේ ඇගම දනවා. ඉවසන්න බැරිම වුණ නිසා මම ඇදෙන් නැගිටලා බෙහෙත් ටික ගන්න හැදුවත් ඇදෙන් නැගිට්ට ගමන්ම මම කකුල් දෙක පණ නැතුව ඇද පාමුල ඇදගෙන වැටුණා. නහය ලග අමුතු රස්නයක් එක්ක තෙත ගතියක් දැනුන නිසා අල්ලා බලද්දි මගේ වෙව්ලන ඇගිලි තුඩු රතු පාටින් පාට වැටිලා තිබුණා. උදේ බෙහෙත් බිව්වද කියලා මට මතක නෑ. යාන්තම් සිහිය තියාගෙන ඇද අල්ලගෙන නැගිටලා මම බෙහෙත් ටික අරගෙන වතුරත් නැතුවම ගිල්ලේ ඉන්නම බැරි නිසා. මට උදේ බෙහෙත් බොන්න අමතක වෙන්න ඇති. නැත්තම් මෙච්චර අමාරු වෙන්නෑ. අමතක වෙලා ආයි පාරක් බෙහෙත් බොයි කියලා හිතුණු නිසා මම ස්ටිකී නෝට් එකක් අරන් එකේ බෙහෙත් බිව්වා කියලා ලියලා කණ්ණාඩියේ ඇලෙව්වා.

යන්තම් ඇගට පණක් ආවට පස්සේ මම වොෂ් එකක් දාගෙන ඇදට වැටුණේ තිබුණු මහන්සිය නිසාමයි. කවුද කෙල්ලෙක් එක පාරට ඇදිලා මැකිලා ගියා. මට මතක නෑ ඒ කවුද කියලා.

_________

Jimin's view

මගේ කෙල්ලගේ කම්මුල් දෙක චබී වෙලා දැන් එල්ලෙන්න වගේ. එයාගේ චූටි බණ්ඩිය මම බලාඉද්දි ලොකු වෙන්නේ. ඒ කියන්නේ අපේ පැටියා හිමීට ලොකු වෙනවා කියන එක.

තාත්තෙක්...

ඒක ලොකු වගකීමක්. කොල්ලෙක් විදියට නිදහසේ ජීවිතේ ගෙවලා , සැමියෙක් විදියට වගකීමක් අරන් දැන් මම අප්පා කෙනෙක්. සූව අල්ලගෙන ඇදෙන් ඇවිත් වාඩි කරවලා මම එයාගේ ඉදිමුණු කකුල් දෙක මසාජ් කලා.

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Where stories live. Discover now