chapter 38🌿❤

2.1K 330 59
                                    

මන් කාමරේට දුවගෙන ඇවිත් කොට්ටෙ බදාගෙන හොදටම ඇඩුවේ හිතේ වේදනාවට....එයා කොහොමද එච්චරටම මාව ප්‍රතික්ෂේප කරන්නේ... කම්මුල් පාරකුත් ගැහුවා.....එයා එච්චරටම මාව පිළිකුල් කරනවද....මට දැන් ආදරේ නැද්ද දෙයියනේ ..එයාට මාව එපාද?? මට තවත් විදවන්නද එයා කියන්නේ.....??

මන් හඩමින් ඉන්දැද්දී මට ඇහුනා සාලෙ පැත්තෙන් එයාගෙ උස් කටහඩ.... මන් නිසා අම්මයි අප්පච්චියිත් එයාගෙන් බැනුම් අහනව.... අප්පච්චී කොච්චර නපුරු උනත් මට කවදාවත් ගහල තිබ්බෙ නෑ....ඒත් එයා.... අද මම කට කියවන් ගියාට ගැහුවා.... එයා හුගක් නපුරු වෙලා.....

කාමරේට ඇවිත් විනාඩි කාලකට විතර පස්සෙ කාමරේ දොර ඇහෙන සද්දයක් ඇහෙද්දි මන් කොට්ටෙට මූණ ඔබාගෙනම කදුළු අතරින් දොර දිහා බැලුවා....

ඔව් ඒ එයා තමයි ......

මන් ආයෙත් කොට්ටෙට මූණ ඔබාගද්දි එයා දොර වහල ඇවිත් මන් ළගින්ම ඉදගත්තෙ මගේ මූණ දිහා බලාගෙන...

" යීබෝ ........"

කවදාවත් එයා මට නම කියල කතා කරල නෑ....කේන්ති ගියාම තමයි ඔහොම කියන්නේ.....මන් මුකුත් නොකියා කොට්ටෙට මූණ ඔබාගෙනම ඉදියේ එයාගෙ මූණ දිහා බලන්න බැරි නිසා.... එයාගෙ මූණ දැක්කම මට ඉබේම ඇඩෙනව....

" බෝ......අහන්න......."

එයා මගේ උරහිසට අත තියද්දි මන් ඒ අත ගසලා දැම්මා..... ඕන්නෑ........අවුරුදු පහකට පස්සෙත් එයාට මාව ඕන්නෑ නම් මන් ඉතිං මොනා කරන්නද....??

" සොරි....මට කේන්ති ගියා....."

එයා මගේ කිහිල්ල යටින් අත දාලා මාව උඩ පැත්තට හරවගෙන මගේ කම්මුල අල්ලලා බැලුවා.... එයාගෙ බාප්පම ගහපු පාරකට තොල් අග පැලිලා තියෙද්දි දැන් එයා ගහපු පාරත් එක්ක කම්මුල රතු වෙලා තිබ්බා....

මන් කදුළු පුරවගෙන එයාගෙ මූණ දිහා බලන් ඉදියේ එයා මගේ කම්මුල පිරිමදින අතරතුරේ ....

"අ...වු...රුදු... පහක..ට.. පස්සෙත්.... ඔ.යාට.....මාව..එපාද ....හීයූ....පපා..."

මන් අඩමින් අහද්දි එයා මගේ ඇස් දෙක දිහා බැලුවා..මගේ ඇස් වල පිරිලා තිබ්බ කදුළු පිහදාපු එයා මාව උස්සල අරගෙන තදට බදාගත්තේ එයත් අඩන ගමන්.....

Forever Love Wo Geschichten leben. Entdecke jetzt