Third Person Pov.
"ප-පා"
පුංචි කෙල්ල අත් දෙක දිගු කරගෙන හෙව්වේ එයාගෙ පපාගෙ උණුසුම.ටේහ්‍යුන් ඒ දිහා බලලා පුංචි කෙල්ලව ඔඩොක්කුවට ගත්තා.
"කියන්න අයිවි මැණික"
"අද අපේ තීත මුහුද දැන තිව්වා.පපා දන්නෝද ඒක තොයි වදේද තීලා"
අතේ ඇඟිලි පටලවගෙන කෙල්ල කතා කරපු විදිහට දකින ඕනෙ කෙනෙක් ඒ පුංචි කෙල්ල වෙනුවෙන් වශී වෙනවා.ටේහ්‍යුන් හඬ අවදි කලේ යමක් අමතක කරලා.
"ම්ම්ම් ඒක නිකන් අහස වගේ අයිවි මැණික.ගොඩාක් ලොකුයි.නිල් පාටයි"
පුංචි කෙල්ලගෙ ප්‍රතිචාරය වුනේ හුරතල් හිනාවක්.
"හයියූ පපා,පපාට මතත නැද්ද අලේ අයිවී ආස දැතලා නෑ තීලා."
පුංචි අයිවි අත් දෙකම කම්මුලේ තෙරපා සිනහ වුනත් ටේහ්‍යුන්ගේ මූණෙ හිනාව මැකිලා ගියා.පුංචි කෙල්ල නැත්තම් අයිවි සෝෆා එකේ කොනකින් අල්ලගෙන ටේහ්‍යුන්ගෙ උකුලින් පැන්නේ නිදා ගන්න යන්න.
"ප-පා"
"පපා"
සිහියෙන් අසිහියට යමින් හිටි ටේහ්‍යුන් නැවත පියවි සිහියට ආවේ අයිවිගේ කටහඬින්.
"කියන්න මැණික."
"පපා අයිවිට දෝ මතයි,නිදි තරවන්නකෝ පපා"
පුංචි අයිවි එයාගෙ නිදිබර එහෙත් සුන්දර මුහුණ ටේහ්‍යුන් දිහාට යොමු කලා.
"උව්ව් කෝ බලන්න මගේ චූටි මැණික.දොයි මතයි නේද මැණිකට ම්ම්?"
ටේහ්‍යුන් අයිවිව තුරුලට ගත්තේ හැමවෙලේම අයිවි වෙනුවෙන් ගැහෙන ආදරය පුරවපු හදවතින්.
"ඔව් පපා,අයිවී බබා හෙත ස්කූල් යන්නොනිනෙ.ඉම්මනට දොයියමු.පපාත් එල්ල."
පුංචි අයිවි කටත් හද හද කියද්දි ටේහ්‍යුන්ගේ හැම බරක්ම එයාගෙන් ඈතට යනවා එයාට දැනුනා.
"අප්පේ!!!! පපාගෙ චූටි මැණික දැන් ලොකු මැඩම් කෙනෙක් වෙලානේ ම්ම්ම්"
ටේහ්‍යුන් අයිවිගේ කම්මුල් මතින් තමන්ගේ තොල් තද කලා.
"පපා? දැන්වත් දෝගමුද අලේ?"
YOU ARE READING
𝐵𝑙𝑖𝑛𝑑 𝐹𝑙𝑜𝑤𝑒𝑟 |𝑇𝐾|
Fanfiction"අයිවි ලෝකයේ පිරිසිදුම,අවංකම මල ලෝකය දකින්න වාසනාවක් නැති ලස්සනම මල. මගේ අයිවි මල." "ටේහ්යුන්ග් ලෝකයේ මා දුටු කරුණාවන්තම,අවංකම,අහිංසකම,ආදරණීයම මනුස්සයා. මගේ හැමදේම." "මේ හැමදේකටම පස්සෙ මම ලෝකයේ වාසනාවන්තම මනුස්සයා ජියෝන් ජන්කුක්." Mature Content �...