Chapter 01

402 91 21
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"චිම්......????"

"හ්ම්........"

"දැන් නැඟිටින්න වෙලාව හරි......."

"හ්ම්.... ත-ත-ව--- වි-නා-ඩි----- දෙ--කයි--- හ්-යො-න්---"

"දැන් නැඟිටින්න ළමයෝ... ඊයෙ රෑ කන්නෙත් නැතුව නේද නිදාගත්තෙත්...."

ජිමින්ගේ ඇස්වලට වැටිලා තිබුණු කොල්ලාගේ හැඩිවෙච්ච බ්ලොන්ඩ් කොණ්ඩෙ එහෙට මෙහෙට කරන ගමන් යුන්ගි සියුම්ව හිනා වුණා. එයා ජිමින්ගේ නිදිබර මූණ දිහා ටිකක්වෙලා නිහඬව බලාගෙන ඉදලා, පස්සේ කොල්ලාගේ කාමරේ ජනේල අරින්න තීරණය කලේ, ඒ වෙනකොටත් ජිමින්ට කොලේජ් යන්න ලෑස්තිවෙන්න තරම් ලොකු වෙලාවක් නෑ කියලා දන්න නිසයි.

"චිම්..... දැන් නිදාගත්තා ඇති... ඔයාට හුඟක් පරක්කුයි...." 

ජනේල් තිර එහෙමෙහෙ කරන ගමන් යුන්ගි ආයෙමත් ජිමින්ගේ පැත්තට හැරුනා.

"හ්ම්මම්ම්ම්........ ත-ව--- විනාඩි පහයි-----"

මද අඳුරුගතියකින් තවමත් සෝල් අහස වැහිලා තිබුණත්, ඒවෙනකොටත් උදේ හයයි හතළිස්පහට වැදෙන සෝල් ඔරලෝසුවේ සද්දෙත් ඈතින් හුඟක් පැහැදිලිව ජිමින්ගේ කාමරේට ඇහෙන්න ගත්තා.

"දැන් හතටත් ළඟයි චිම්... අද කොලේජ් යන්න අදහසක් නැද්ද හ්ම්???"

"අනේ හ්යොන්--- තව විනාඩි-- දහ--යක්---- නිදාගන්න ඔි----න----"

හීනි කෙඳිරිල්ලක් වගේ සද්දයක් ජිමින්ගේ කටින් පිටවුණත්, මේ වෙද්දිත් ජිමින්ගේ කාමරේ බිම විසික් කරලා දාලා තිබුණු කොල්ලාගේ ඇඳුම් කෑලි අහුලන යුන්ගිට ඒ වචන හොඳින් ඇහුණා.

"මුලින් විනාඩි දෙක, විනාඩි පහ වුණා.... දැන් ඒ පාර දහයක් වුණාද?"

Searching ‖ YoonMin X BTS [10]Where stories live. Discover now