" මොකක් හරි ....මන් හිතුවෙ නෑ ඒ කඩප්පුල්ලියා මගේ සහෝදරයෙක්වෙයි කියල .....කොහොම උනත් මට සතුටුයි ..."
" මට නම් ඕක හිතුනේ මුලදිමයි....ඔකද දෙන්නටම තිබ්බෙ එක වගේ කටක්....බොරුද මන් අහන්නේ...."
" ම්හ්හ්.....පපා......!!"
මට යාන්තමට හිනාවක් යද්දි එයා මගේ කම්මුල මිරිකුවා.....
" ගෙට යන්ද...දැන් කරුවල වේගෙන එනව....මදුරුවො කයි...."
"මදුරුවො නම් මොක්කුද පපා...."
මන් ඒක කිව්වෙ හිස් හැගීමෙන්...එයා තවම හිතන් ඉන්නෙ මම අවුරුදු විසි පහේ පොඩි එකා කියල .....
එයාගෙ ඇස් මගේ මූණෙම තියෙද්දි හෙට මේ වෙද්දි අපි ආයෙත් වෙන් වෙලා යනව කියල දැනගත්තම මගේ පපුව ආයෙත් ඇවිලුනා....
" ම...ට...ඔයා...ව දා....ලා ...යන්..න..... ලෝ....බයි පපා....."
එයාගෙ පපුවට මූණ ඔබාගත්ත මම හඩමින් කියද්දි එයා මගේ පිට දිගේ අතගෑවා...
" මගේ රත්තරන්......."
" අ...නේ....ම....ට...බෑ ප...පා...."
" ටික කාලයයිනේ රත්තරන්.... "
" කොච්චරක්ද?? මාසයක්"
"................."
" දෙකක්???"
" ..................."
" අවුරුද්දක්.......අදුරුද්දක්ද පපා....මම තව බලන් ඉන්න ඕනෙද??"
" රත්තරන් .....දැන් ඕක අමතක කරන්න.....අපි යමු ගෙට....."
එයා මගේ හිස සිඹිද්දි මම තවත් තදින් එයාගෙ පපුවට තුරුලු උනා.....
" ගෙට යන් චූටි.....දැන් හොදටම කරුවල වෙලා...."
දසත අදුර පැතිරිලා යද්දි මන් එයාගෙ පපුව උඩ ඉකි බින්දෙ පැයක විතර ඉදන්.... එයා මාව ඈත් කරවල අඩල අඩල හෙම්බත් උන ඇස් වලට හාදු තිබ්බා..
" පපා......?"
" හ්ම්ම්"
" එවුන්ට සහෝදරියක් ඉන්නව කියල ඔයා මට කිව්වා නේද්??"
" හ්ම්ම්....."
" එතකොට එවුන්ගෙ අම්මා කසාදයක් බැන්දද??"
" ඔව් චූටි....එව් වෙනකොටත් ලීසා නැන්දට ගෙදරින් කෙනෙක් යෝජනා කරල තිබ්බේ...එයත් ඔෆිසර් කෙනෙක්... එයා එවුන්වත් එක්කම ලීසා නැන්දව බාරගත්තා.... එයාලා දැන් හරිම lovely fammily එකක්....එවුන් කැමති උනේම නෑ එයාගෙ පපා වෙන කෙනෙක් කියල පිළිගන්න....ඒ තරමට එයාලා close..."