"ඔයා මොනවද හ්යොං කියවන්නෙ? එයා කවදමහරි එයි කියලා බලාගෙන අවුරුද්දක් තිස්සෙ.. අවුරුද්දක් තිස්සෙ මං දරාගෙන හිටියා.. මටම පුදුමයි මං මෙහෙම අල්ලන් හිටපු එක. දැං එකපාරම හදිස්සියෙන් ඔයා ඇවිත් එයාව අමතක කරලා දාන්න කිව්වම මං කොහොමද... දෙයියනේ මට පිස්සු හැදෙයි හ්යොං.."
"ජ්.. ජිමිනව දැං ඔයාට අයිති නෑ.."
ටේ හ්යොං දිගටම දේවල් කිව්වෙ මගෙ ඇස් මගෑර මගෑර.. එයා පපුව පිච්චෙන තරමෙ අසරණ පාට මූණක් එක්ක කතා කරන්න ගත්තම මාව ආයෙ ආයෙත් අමුතුවෙන් වෙව්ලලා ගියා..
"මොකක්ද මට අයිති නෑ කියන්නෙ? එයා වෙන කෙනෙක්ව මැරි කලාද? ගර්ල් කෙනෙක් ද? එතකොට එයා මට ආදරෙයි කිව්වෙ බොරුවටද?? අශ්.. එයා දිගටම ගර්ල්ස්ලා එක්කම යාලු වෙද්දි මට තේරුම් ගන්න තිබුනා.. ඒත් එයා එයා අන්තිමට මට ආදරෙයි කිව්වනෙ.. මාව දාලා යන්නෙත් නෑ කිව්වා... ඒක හීනයක් නෙවෙයි. ඇත්තටම එහෙම දෙයක් උනා.. මං හිතුවෙ නෑ එයා බොරු කරයි කියලා. හ්..හරි හරි කමක් නෑ ඒකට කමක් නෑ දැන් දැන් කෝ එයා.. කොහෙහරි කමක් නෑ දැන්වත් එයා සතුටින් ඉන්නවද හ්යොං?"
මං එක හුස්මට හිතට ආපු සේරම දේවල් කියවගෙන ගියා..
"දෙයක් කියන්න කලින් තීරණවලට එන්න එපා කුකී.. ඔයාට හුඟක් පසුතැවෙන්න වෙයි ඇත්ත දැනගත්තම.."
"යා.. මොන විකාරයක්ද.. කියන දෙයක් තේරෙන්න කියනවා.. තමුන් මේ පොඩි එකාව බය කරනවා.."
එකපාරම හොබී මහ සද්දෙන් කෑගැහුවම ටේ හ්යොං එක්ක මාවත් ගැස්සිලා ගියා.. එයා හිටියෙ කේන්තියෙන් රතු කරගත්තු මූණකින්. කොහොමත් එයා මුල ඉදන්ම ජිමින් හ්යොංට කැමති උනේ නෑ.. මගෙ කතාව අහපු දවසෙ ඉදන්ම හ්යොංව අමතක කරලා දාන්න කියලා කෑගහපු එකමයි එයා කලේ..
"කුකී මේ කුලප්පු වෙච්ච අස්සයා තවත් මෙතන කෑගහන්න ගත්තොත් මං යනවා යන්න."
ටේ හ්යොංගෙ කතාවට කොච්චි කරලක් වගේ රතුවේගෙන එන හොබීව සංසුන් කරලා ලඟින් ඉන්දවගත්තු මං ඉවසිල්ලක් නැති ඇස් එයා දිහාට හැරෙව්වා..
"එදා ඔයා එක්ක ජිමින් හ්යොංවුත් මාව අරන් හොස්පිට්ල් එකට ආවා නේද හ්යොං? ආයෙ මං ඇස් අරිද්දි එයා හිටියෙ නෑ. මං බලන් හිටියා එයි කියලා. එයා මෙහෙම මාව මඟාරින්නෙ අපේ අප්පා නිසාද?"

YOU ARE READING
Love Me Like You Do || Complete || ✅
Romance"My love for you is past the mind, beyond my heart, and into my soul."