හයවන කොටස

135 15 2
                                    

ඇල්ජැන්රෝ෴

මම ක්ලබ් එක ගාවට එද්දිත් විනී එතෙන්ට ඇවිත් හිටියා.. මම විනීගෙ කැමතිම කොලිටි එක.. වෙලාව කීවොත් වෙලාව. බිස්නස්මන් කෙනෙක් විදියට කවදාවත් විනීටවත් මටවත් නාස්ති කරන්න වෙලාවක් තිබ්බෙ නැති නිසා අපි දෙන්නම වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා හිටියා... ඒ වෙලාව වෙද්දිත් ක්ලබ් එක ඇතුලට යන්න ලොකු පෝලිමක් එලියෙ හැදිලා තිබ්බා.. සමහර අය බවුන්සර්ලට ටිප් එකක් දීලා ඇතුලට පනිද්දි තවත් සමහරක් අය පෝලිමේ ඉදලම ඇතුලට එන්වා.. ඒක ඉතින් කොයි ක්ලබ් එකෙත් ස්වභාවය....

කා එකේ කී එක ඉස්සරහ හිටපු බවුන්සර්ට දුන්න මායි විනීයි සයිඩ් ඩෝ එකෙන් ඇතුලට ගියේ බවුන්සර් මට සැලියුට් එකක් වගෙ දාද්දි...

"ඇල්... වට් හැපන්ඩ් ඇට් ද ඩිනර්?..."

"අයි ඩෝන්ට් වෝන්ට් ටු ටෝක් අබවුට් ඉට්.."

කෙලින් උත්තරයක් දුන්න මම ක්ලබ් එකේ ඩාන්ස් ෆ්ලෝ එක හරහා ඇහැ යැව්වා... මුලු ඩාන්ස් ෆ්ලෝ එකම කස්ටමර්ස්ලගෙන් පිරිලා ඉතිරිලා තිබ්බා.. කට්ටියක් සරාගී විදියට තනියම ඩාන්ස් කරලා තව කෙනෙක්ගෙ අවදානය ගන්න ට්‍රයි කරන අතරේ තවත් කට්ටියක් සරාගී විදියට තවත් එක්කෙනෙක් හෝ දෙතුන් දෙනෙක්ගේ ඇගේ ඇතිල්ලෙමින් ඩාන්ස් කරමින් හිටියා.. මේ අතරින් ගොඩක් දෙනෙක් මේ වෙනකොටත් ගොඩක් ඩ්‍රින්ක්ස් අරගෙන හිටගනවත් බැරුව හිටිය අය...

මේ අතරේ මායි විනීයී ඇතුලට ආපු ගමන් ගොඩක් කාන්තා පාර්ශවයේ වගේ ම සමහරක් පිරිමි පාර්ශ්වයේ ඇස් අපි දෙන්නා දිහාට යොමු උනා.. ගර්ල්ස්ල ගොඩක් අපි දෙන්නා දිහා බැලුවත් මගෙන් යොමුවුන අනතුරුදායක බැල්ම නිසා එයාලා බැල්මක් දෙකක් හෙලලා නිකම් හිටියා..

"හේයි බේබි.. "

ඒ අතරින් මා ගාවට ඇවිත් කතාකරන්න තරම් ගට් එකක් තිබ්බේ මේ තොරොම්බල් කරත්තෙට විතරයි.... නොරිස්සුම් බැල්මක් දැම්ම මම වචනයක්වත් නොකියා ඩාන්ස් ෆ්ලෝ එකේ පිස්සුවෙන් වගෙ ඩාන්ස් කර කර හිටපු කට්ටිය එහාට මෙහාට තල්ලු කරන ගමන් වී.අයි.පී ෆ්ලෝ එක පැත්තට ඇවිදන් ගියේ බාර් එක දිහාත් ඇහැ කොනකින් බැල්මක් දාන ගමන්... මගෙ පිටිපස්සෙන් විනීත් ආවේ මා එක්ක කතාව එයා ඉවර කරලා නෑ කියලා මට තේරෙද්දි..

CEO's Little Dancer (On hold )Место, где живут истории. Откройте их для себя