Chapter 2💕

23 3 24
                                    

අනේ දෙයියනේ මං පාස් වෙලා ඇති නේද......????

🌻 නිනූ

🥀 ශානී
______________________________________
Next day morning at campus
______________________________________

කැම්පස් එකේ කෙලවරක ලොකුම ලොකු ඇහැල ගහක් යට තියෙන බෙන්ච් එකක ඉදගෙන Exam එක පාස් වෙලා කොරියා යන එක ගැන හිත හිත හීන ලෝකෙක අතරමං වෙලා ඉද්දි එක පාරටම මාව ගැස්සුනේ ඈතින් මට කවුරුහරි කතා කරන සද්දෙ ඇහිලා....

"ඒ නිනූ අන්න exam එකේ රිසාල්ට් දාලා...."

ඒක ඇහුනු සැනින් උට මොකුත් කියන්නෙත් නැතුව මම කෙලින්ම ගියෙ රිසාල්ට් දාලා තිබුනු නෝටීස් බෝඩ් එක ලගට...ඒ යනකොටත් නෝටීස් බෝඩ් එක ළග ළමයි පිරිලා ඇගිල්ලක් ගහන්න වත් ඉඩ නෑ.....රිසාල්ට් දැකලා සමහරු අඩනවා සමහරු හූ කිය කිය කෑ ගහනවා....මං හිතන්නේ ඒ පාස් අය වෙන්න ඇති....එතකොට මම....මමත් ලමයි අස්සෙන් බොහොම අමාරුවෙන් ඉස්සරහට ගියා....කොහොමහරි රිසාල්ට් ශීට් එක ඉසාරහට හිහිං උඩම තිබුනු නමේ ඉදලා පල්ලෙහාට මගෙ ඇස් ගෙනියනකොට මගෙ නම ඉසාරහ ඇස් නැවතුනා...ඒ එක්කම මම බැලුවෙ නම ඉස්සරහා තියෙන මගෙ රෑන්ක් එක දිහා.....රෑන්ක් එක දකිනකොට මට මතක් උනේ Scholarship දෙන්නේ දහදෙනාටයි නේද කියලා.....

දෙයියනේ මගෙ රෑන්ක් එක 11...එක ලකුනක් මදි වෙලා ඒ දහදෙනා අතරට යන්න.......මගෙ මුලු ඇගම පන නැතුව ගියා.....ඇස් දෙකේ කදුලු පිරුනා....මට දැනුනෙ මගෙ හීනේ එක මොහොතින් නැති වෙලා යනවා වගේ...මීට කලිං මට exam එකකට ලකුනු මදි උනා කියලා කවදාවත් මෙහෙම වෙලා නෑ ඒත් මේක මම දැකපු හීනේ වෙනුවෙන් ගොඩක් බලාපොරොත්තු තියන් ලියපු එකක්...

මේ වෙලාවෙ මගෙ යාලුවො මං ලග වට වෙලා.....මටත් කලින් මගෙ රිසාල්ට් එයාලා බලලා තිබුනා....එයාලත් දන්නවා මම මේක ගොඩක් බලාපොරොත්තු තියන් කරපු දෙයක් කියලා....මේ වෙලාවේ මගෙ ඇස් දෙකේ පිරිලා තිබුනු කදුලු එලියට පනින්න ඔන්න මෙන්න තිබුන් නිසා එයාලටත් මූන නොදී මං එතනින් ආවෙ කලිං ඉදං හිටපු බෙන්ච් එක ලගට..... එතනට ඇවිල්ලා ගොඩක් වෙලා අඩලා අඩලා අන්තිමට ශානිට කෝල් එකක් ගත්තා...මොකද මං දුකින් ඉන්න වෙලාවට මගෙ හිත හදන්න පුලුවන් එකම කෙනා උනේ ශානි නිසා....
ෆෝන් එක දෙතුන් පාරක් රිං වෙනකොට ශානි ඒ පැත්තෙන් Answer කරා....මම සම්පූර්ණ විස්තරේ ශානි එක්ක කීවා....

WHO ARE YOU.....?Where stories live. Discover now