🚷 CHAPTER VII 🚫

43 15 19
                                    

"ජින් ඔයාගේ පැකේජ් එක මං අරං ආවා"

එයුන්ජී කිව්වේ ජින්ගේ ඔළුවට පාරක් ගහගෙන යන ගමන්.

"කුමාවෝ එයුන්ජී"

"මට මොනා හරි දෙන්න වෙයි ජින් මේවට"

එයුන්ජී කියපු විදිහට ජින් හිනා වෙලා එයුන්ජීගේ ටේබල් එකෙන් ලොකු චොකලට් බකට් එකක් තියලා ගියේ පැකේජ් එක ගන්න ලොකර් කී එක අරගෙන.

📲 ජංගුක් කොහෙද ඉන්නේ?

📲 හරි හවසට ගෙදර එන්න. පේපර්ස් ටික හම්බුනා.

"ජින්"

"ම්..."

"මොනාදටද ඔච්චර wrapping papers?"

"මං ෂොප් එකක් දාන්න ඉන්නේ. ඒකට ඕන ඒවා ටිකක් මේ"

" ඇයි මේ සැලරි එක මදිද?"

"මං මේ ජොබ් කරන්නෙ මගේ කම්මැලිකම නිසයි. නැතුව සල්ලි ඕනෑකමකට නෙවෙයි"

ජින් කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්.

"ඇත්තටම ජින් මං අහන්න හිටියේ ඔයාගේ රියල් අයිඩින්ටිටි එක මොකක්ද?"

" මං ඩ්‍රග්ස් ඩීලර් කෙනෙක්"

ජින්ගේ කතාවට එයුන්ජී හිනා වුනේ දෙකට නැවී ගෙන.

"ජින් අහන්නකෝ"

"ම්..."

"මට දෙයක් ගැන කියන්න ඕනෙ"

"මොකක් ද?"

"යුරායා ගැන"

"යුරායා ගැන මොනාද?"

"ඔයා දන්නවනේ යුරායා මොනා ගැනද research එකක් කළේ කියලා?"

මෙච්චර වෙලාවක් තම අතේ තිබුණ ෆයිල් එක බල බල හිටිය ජින් ඒක වහලා දාලා එයුන්ජී දිහා බැලුවේ එයුන්ජී කියන්න යන දේට සම්පූර්ණයෙන්ම අවධානය දෙන ගමන්.

"මේක JJ gang එකේ illegal business එකකට සම්බන්ධ දෙයක්. මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් ඇතියි කියලා හිතනවා. මං මේ ගැන චන්වුල් එක්කවත් කිව්වේ නෑ.."

" මට ඔයා කියන කිසිම දෙයක් ගැන තේරුණේ නෑ එයුන්ජී ඇත්තටම. දැන් කවුද JJ කියන්නේ?"

" JJ කියන්නේ illegal විදියට business කරන gang එකක්. තවම ඒ ගැන ලොකුවට පිටට විස්තර ආරංචි නෑ. මොකද එයාලා කවදාවත්ම directly business එකට involve වෙන්නේ නෑ. එයාලා එයාලාගේ gang එකේ membersලා දම්මලා business කරන්නේ"

𝗧𝗛𝗘 𝗕𝗟𝗔𝗖𝗞 𝗕𝗜𝗥𝗗 🐦🖤 || 𝗝𝗜𝗡𝗞𝗢𝗢𝗞 𝗙𝗙Where stories live. Discover now