චූටි බබා නැගිටින්න...
දැන් උදේ වෙලා...සියෝ එහෙම කියන ගමන් ගිහින් රූම් එකේ කර්ටන් එක ඇරියේ පස්සත් උඩ දාගෙන නිදාගෙන ඉන්න කෙල්ලව ඇහැරවන්න...
අනේහ්...දැම්ම නැගිටින්න බෑහ්..😫
බෑහ්...බෑහ්..නැගිටින්න දැන්.
අන්න ඔයාගේ බිස්කට් අයියල වැඩට යන්න හදන්නේ ..ආයේ එන්නේ රෑ වෙලා හොදේ ඒ නිසා ඉක්මනට ඔයාව එක්කන් එන්න කිව්වා...සියෝ එහෙම කියනකොට නිදාගෙන හිටිය ජූහි ෆ්ලෑෂ්ගේ හැල්මොනි වැහිල වගේ දිව්වේ බාත්රූම් එකට...
විනාඩි පහකින් විතර කෙල්ල ආයේ එලියට දුවගෙන ඇවිත් සියෝවත් ඇදගෙන පහල තට්ටුවට බහින්න ගත්තා..ආහ්...ජූහි බබා ගුඩ් මෝනින්...
ගුඩ් මෝනින් චූටි අයියා ....
එහෙම කියන ගමන් එලියේ දොරගාව පොලිස් නිල ඇදුම ඇදගෙන හිටිය කොල්ලෝ දෙන්න ගාවට ජූහි දුවගෙන ගියා ...
චූටි කෙල්ලේ අපි ගිහින් එන්නම් එහෙනම් ...හරිද....
හරී...ඉක්මනට එන්න හාද..
මන් බලන් ඉන්නවා...ජූහි එහෙම කියද්දි ජිමින් ජූහිගේ ඔලුවට තට්ටුවක් දාගෙනම එලීයට ගියා...
මාත් යන්නම් ...
දෙන්නම පරිස්සමට ඉන්නවල..
පිස්සු නටන්නම් එපා හරිද...
එහෙම කියන ගමන් සියෝට ටොක්කන් ඇනපු ජන්කුක් තමන්ගේ අත ජූහිටත් ටොක්කක් අනින්න හිතාගෙන ඔලුව ලගටම අරන් ගියත් මොකක්දෝ හේතුවක් නිසා ජන්කුක් ආයෙත් අත තමන් ලගට ගත්තා...පරිස්සමට ඉන්න...
ජූහිගේ මූන දිහා බලල ඇහෙන නෑහෙන ගානට එහෙම කියපු ජන්කුක් දොරෙන් එලියට ගිහින් දැනටමත් ජිමින් ස්ටාර්ට් කරල තියෙන බයික් එකට නැගගත්තා...
බිස්කට් අයියා....
බයික් එකට නැගපු ජන්කුක්ට ඇහුනේ තමන්ට කතාකරන ජූහිගේ කටහඩ..
ඒ නිසා ජන්කුක් ආපහු ගේ දිහාවට හැරුනා...ඔයත් පරිස්සමට යන්න.....
කෙල්ල එහෙම කියන ගමන් ජන්කුක්ට අත වැනුවා...
කෙල්ල හිනා වෙවී අත වනනකොට ජන්කුක් කොහොමද නිකන් ඉන්නේ එයත් තමන්ගේ අත වැනුවේ ජූහි දිහා බලාගෙනමයි....