Chapter 04

162 66 13
                                    


Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


එක දිගට පැය දහයකට ආසන්න කාලයක්ම ඔෆිස් එකේ වැඩවලට අමතරම PTD ක්ලබ් එකේ පියානෝ ප්ලේ කරන්න ගිහින් හෙම්බත්වෙලා හිටපු යුන්ගි, ඇඳට වැටුණු ගමන්ම නින්දට ගියේ රෑට කන්නෙවත් නැතුවමයි.


Incoming call from Chim................... (11:44 PM) Missed


Incoming call from Chim .................... (11:45 PM) Missed


ඉතින් රෑ එකොළහයි හතලිස් පහට විතර එක දිගටම එන්න ගත්තු ජිමින්ගේ කෝල්ස් ඇහෙන්නෙ නැති තරමටම යුන්ගි හිටියේ හොඳටම මහන්සියෙන්.


Incoming Facetime with Chim................... (11:46 PM) Missed


ඒ නිසා රෑ දෙගොඩ හරියේ ජිමින්ගෙන් ආපු ඒ කෝල්ස් කිහිපය යුන්ගිට මඟ ඇරුණා.

ඉතින් උදේ ඔෆිස් යන්න ලෑස්තිවෙන අතරේ යුන්ගි එයාගේ ෆෝන් එක චාජරේට ගහන්න යද්දි තමයි ජිමින්ගෙන් ඇවිත්, එයාට මඟ ඇරියා තිබුනු කෝල්ස් තුනයි, විඩියෝ කෝල් එකයි ඇහැ ගැටුණේ.

පහුගිය අවුරුද්දටම යුන්ගි විතරක් නෙවෙයි යුන්ගිගේ ෆෝන් එකත්, ජිමින්ගෙන් කෝල් එකක් ලැබෙනකල් පෙරුම් පිරුවා කියලා කිව්වත් වැරද නැහැ. ඉතින් ඒ බලාපොරොත්තු අද යථාර්තයක් වෙලා තිබුණ නිසා ලස්සන හිනාවකුත් එක්කම යුන්ගි ජිමින්ගේ නම්බර් එකට විඩියෝ කෝල් එකක් ගත්තේ, එයාගේ කොෆි එකත් මග් එකට දාගන්න අතරෙමයි.


"ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කල නොහැක---"


ඉතින් ඒ ස්වයංක්‍රීය පණිවිඩයත් එක්ක ජිමින්ට ගත්තු වීඩියෝ කෝල් එක ඉබේම විසන්ධි වෙද්දි, යුන්ගි එයා කකා හිටපු ටෝස්ට් එකත් පැත්තකට දාලා ජිමින්ට නෝමල් කෝල් එකක් ගන්න උත්සහ කලා.

Searching ‖ YoonMin X BTS [10]Onde histórias criam vida. Descubra agora