"එයා අද පියානෝ ක්ලාස් ගිහින් නෑ හොසොක්.... ඒ මදිවට කොලේජ් ගිහිනුත් නැහැ......"
ඔෆිස් එකේ ඉවර කරන්න වැඩ කන්දක් තියෙන අතරෙදිත්, ජිමින් මොන ලෝකෙ ගිහින්ද කියලා හොයාගන්න බැරුව ඔෆිස් එකෙන් හාෆ්-ඩේ එකක් දාලා ගෙදර යන අතරෙ හොසොක් එක්ක තමයි යුන්ගි මේ කතා කර කර යන්නේ.
"ජිමින් පියානෝ ක්ලාසස් ගියේ නැතත්, කොලේජ් කට් කරලා තියෙන එක නම් ටිකක් අමුතුයි වගේ...."
ඒත් ලයින් එකේ එහාපැත්තෙන් හොසොක් ඒ කියපු දෙයින් නම් යුන්ගිට සැනසීමක් ලැබුනේ නැහැ.
"එයා මීට කලින් කවදාවත්ම කොලේජ් කට් කරලා නැද්ද යුන්ගී....??"
"නෑ... එයා කොලේජ් යන්නෙ නැත්තම් ගෙදර තමයි ඉන්නේ....." ගෙදර ගරාජ් එකෙන් කාර් එක පාර්ක් කරලා ඉවරවෙලා පාර්ක් ගෙදර දොරේ අඟුල අරින ගමන් යුන්ගි ඒ විදිහට හොසොක්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා.
"අයියෝ ඔික බයවෙන්න දෙයක් නෙවෙයිනේ ළමයෝ.... තරුණ කොල්ලො වුණාම ක්ලාස් එකක්-දෙකක් කට් කලා කියලා අයාලේ යන්නෙ නෑනේ.. අපිත් ඔය ඔ්න තරම් කොලේජ් කට් කරලා තියෙන්නෙ!!"
හොසොක් වැඩිය හිතන්නෙ නැතුව හිනාවෙවී එහෙම කියද්දි, ලයින් එක එහා පැත්තෙ ඉදන් ඒ කතාව අහන් හිටපු යුන්ගිගේ ඇස් නම් හීනි වුණේ ලොකු අපැහැදිලිබවකින් විතරයි. මොකද හොසොක් කියන මේ හැම වචනයක් වචනයක් ගාණෙම එයාගේ හිතට දැනෙන්න ගත්තේ ලොකු තරහවක් විතරයි.
"ඔයාට මතක නැද්ද, අපේ හයි ස්කූල් එකේ එන්ඩ් ටර්ම් එක දවසේ මන් තනියෙම ජේජු ගියපු සිද්ධිය??"
DU LIEST GERADE
Searching ‖ YoonMin X BTS [10]
Fanfictionඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...