CHAPTER 24

785 119 39
                                    

Jhope - ඒ බන් එතකොට අපි හෙට ඇවිදින්න යනවා ද.

Yoongi - ඔව් යනවා තමා ඇයි උබට බැයිද.

Jhope - නෑ පුළුවන් ඒත් අරුන් දෙන්නා එයිද දන්නෑ.හරි අපි කියමුකො ටේයියත් ආවා කියලා එතකොට ජන්කුක්.

හොබි යුන්ගි දෙන්නා රෑ වෙලා ගෙවල් වලට යන ගමන් හිටියෙ.

Yoongi - ම්ම්ම් කොහොමත් ඔය මනුස්සයා අපි කිව්වට එන එකක් නෑ ඒක හින්දා අපි සෝබිනාට කියලා බලමු.

Jhope - උට මොනවා කියන්න ද.

Yoongi - හිටපන්කො උට කෝල් එකක් ගන්න කම්.

යුන්ගි සෝබින්ට කෝල් එකක් ඇරන් speaker එක ඔන් කරා.දැන් නවයත් පහු වෙලා හින්දා සෝබින් නම් හිටියෙ සැප නින්දක.ඒත් නොහිතපු වෙලාවක කෝල් එකක් ආව නිසා සෝබින් නැගිට්ටෙ කෝල් එක ගත්ත එකාගෙ මුලු හත්මුතු පරම්පරාවම මතක් කරන ගමන්.

Fire📞...

Soobin - මොන නිශාචර ජීවියෙක් ද යකෝ මේ මහ රෑ කෝල් ගන්නේ.

Yoongi - නින්ද කැඩුවා නම් සමාවෙන්න ඕනෙ මන් මේ යුන්ගි කතා කරන්නෙ.

Soobin - ආ මේ උබද ඇයි උබට නින්ද යන්නෙ නැද්ද මේ මහ රෑ එහෙනම් කරන්න දෙයක් නෑ  මට දැන් නැලවිලි ගී කියන්න බෑ.එහා ගෙදර අක්කටවත් කියලා බලන්න මන් තියෙනවා.

Jhope - පොඩ්ඩක් හිටුකො ඕයි ගත්ත කාරනේ කියනකම්.

Soobin - ඒ ඔය යුන්ගි ගෙ කටහඩ  නෙමෙයි නේ.

Jhope - මන් හොබී ඕයි.

Soobin - දැන් මට කලින් කිව්වෙ යුන්ගි  කියලා නේද.

Jhope - ඔව් මෙතන ඌත් ඉන්නවා මාත් ඉන්නවා.

Soobin - තොපිලා දෙන්නා මේ මහ රෑ මොන මගුලක් ද ඕයි කරන්නේ.දැන් මොකටද ගත්තෙ කියනවද.

Yoongi - කියන්න තමා හිටියෙ කොහෙද ඉතින් ඔය ටකරම නවත්තව්වෙ නෑ නේ.

Soobin - හරි දැන් කියහන් ඇයි ගත්තෙ කියලා.

Jhope - මෙන්න මේකයි හෙට අපි ටිකම ඇවිදින්න යනවා අපි ටික කිව්වෙ අපි හතරයි කුක්කයි උබයි හරිද.ඇත්තටම මේකට උබව ගත්තෙ උබට ඇති ආදරේකට එහෙම නෙමෙයි ජන්කුක්ව ගෙන්න ඕනෙ හින්දා.

My Little Bunny ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Hikayelerin yaşadığı yer. Şimdi keşfedin