_Chapter 11_

296 108 41
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 11

___________ ♡ __________


මින් හිටියෙ ඔහුගෙ කුඩා කාමරය තුලට වෙලා. හැමදාම වගේ කලු පාට කොට කලිසමකට නිරාවරණය වුන ඔහුගෙ කිරිගරුඩ පැහැ කකුල් ඇඳ විට්ටමේ පැද්දෙමින් තිබුනා. ඔහුගෙ හිත රිදිලා තිබුන ද මන්දා.. මොනවා වුනත් ඔහුගෙ දෑස් වල කඳුලු තිබුනෙ නෑ.. එහි තේරුම වුනේ අනිවාරෙන් ඔහුගෙ සිත රිදිලා තිබුනෙ නැහැ කියන එක..

මොන දේ වුනත්..

ජොන් කියන්නෙ ප්‍රභූවරයෙක් කියලා දැන ගත්තු ඒ මොහොතෙදි මින්ට මොනවා හිතෙන්න ඇති ද කියලා ඔයාලා නිකමටවත් හිතලා බැලුවෙ නැතිද..?

අහ්.. ඒ ගැන ඔයාලා එතරම්ම තැකීමක් කරන්න නැතුව ඇති..

ප්‍රභූවරු සහ සාමාන්‍ය ජනයා අතර වෙනස නේද..?

සාමාන්‍යයෙන් නම් සාමාන්‍ය ජනතාවට තමන්ව ඇසුරු කරන්න ප්‍රභූවරයෙක් ඉඩ දෙන්නෙ නෑ.. ඒක අකැප දෙයක් විදිහට එයාලා සලකන්න ඇති. ඔයාලා නිකමට හිතන්න.. තමන් එච්චරටම හැගීමකින් ගෙදරටම ආරාධනා කරලා බොහොම අමාරුවෙන් ආහාර වේලක් පිළිගන්වලා තියෙන්නෙ ප්‍රභූවරයෙකුට කියලා දැන ගත්තම මින්ට මොන විදිහෙ හැගීමක් දැනෙන්න ඇතිද..?

අත් ඔරලෝසුව ගැන මන් ඒ විදිහට සඳහන් කලේ ඇයි කියන දේ නේද ඊළගට ඔයාලට ප්‍රශ්නෙ..?

සාමාන්‍යෙන් ඒ කාලේ රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසු පළදින්න පුලුවන් ප්‍රභූවරුන්ට විතරයි.. මේ දේ සමහර විට ධනපතිවාදය කියලා හඳුන්වන්නත් පුලුවන්.. එහෙම නෙවෙයි ද..?

ඒ වුනත් මින්ගෙ හිතේ තවත් ලොකු හිස්තැනක් තිබුනා..

ජන්කුක් ජොන් ප්‍රභූවරයෙක් නම් ඔහු කොහොමද මෘත ශරීරාගාරාධිපතිවරයෙක් වෙන්නෙ.. ඒක ප්‍රභූවරුන්ට කැප රැකියාවක් නෙවෙයි නේද..? ඔව්.. එහෙම නෙවෙයි..

මොකද මේ අනිවාරෙන්ම ධනපතිවාදය..!!

~~~~~~~~~~

උදෑසන අවදි වුන මින් තමන්ගෙ සාමාන්‍ය පුරුදු විලාසිතාවෙන්ම සැරසිලා කුඩා නිවසෙ දොරත් අගුලු දමලා එළියට ආවෙ කන්තෝරුවට යන්න. අද දවසෙ ඉඳන් ඔහු ජීවත් වෙන්න ඕනි තනිවම.. මුදල් උපයන්න ඕනි තනියම.. ආහාර පිස ගන්න ඕනි තනිවම..

IDELLIC TEAR | JIKOOK AU | ✔️Onde histórias criam vida. Descubra agora