ගතවෙන හැම විනාඩි පහකට සැරයක්ම තමන්ගේ ෆෝන් එකට ජිමින්ගෙන් කෝල් එකක් ඇවිත් ද කියලා බලන අතරෙම යුන්ගි ඔෆිස් යන්න ලෑස්තිවුණේ, ඊයෙත් හාෆ්-ඩේ දාලා ඇවිත් තිබුණ නිසා එයාට ඉවර කරන්න වැඩ කන්දක්ම ගොඩගැහිලා තිබුණ නිසයි.
ඉතින් යුන්ගි බලාපොරොත්තු වුණාත් වගේ නොදන්නා නම්බර් එකකින් උදේ හයහමාර වෙනකොට තමන්ගේ ෆෝන් එකට කෝල් එකක් එන්න ගනිද්දි, ශවර් එකේ ඉන්න ගමන්ම යුන්ගි කෝල් එක ආන්සර් කලේ එයාගේ ඇස්වලටත් සබන් පෙණ ගිහින් තිබුණ පසුබිමකයි.
"හ්-හ්-හ්ලෝ චිම්??? මොන ලෝකෙට ඔයා ගිහින් ඉන්නේ---???"
ජිමින්ගේ කටහඩ අහන්න යුන්ගි හිටියේ නොඉවසිල්ලෙන්. ඒත් ඒ කටහඬ වෙනුවට යුන්ගිට අහන්න ලැබුනේ වෙනත් කෙනෙකුගේ කටහඬක්.
"අහ්ම්-- ගුඩ් මෝර්නින් යුන්ගි හ්යොන්... මේ කතා කරන්නෙ ටේහ්යොන්... මගේ අම්මා මට කිව්වා ඔයා ඊයේ කතා කලා කියලා--"
"ආහ්හ්හ ඔව් ටේහ්යොන්-- ඔව්-- අහ්ම්--- මං ඊයෙ ඔයාගේ අම්මාට කතා කලා.. මං ඔයාලගේ කෑම්පීන් එක වෙලාවේම කෝල් කරලා කරදර කලාට සමාවෙන්න...."
ඉක්මණට ශවර් එකට ඔළුව අල්ලලා සබන් ටික හෝදගත්තු යුන්ගී, ටවල් එකකුත් ඇඟට දාගෙන එහෙම්මම බාත්රූම් එකෙන් එළියට ඇවිත් අතට අහුවුණු ටී-ශර්ට් එකක් ඉක්මණට ඇඟට දාගත්තා.
"ආහ් එකට කමක් නෑ හ්යොන්.... ඉතින් හ්යොන් ඇයි මාව හෙව්වේ???"
ටේහ්යොන් එහෙම අහද්දි, තමන්ගේ තෙත කොණ්ඩෙ පිහින එකත් නවත්තලා දාලා යුන්ගි එහෙම්ම ලොකු හුස්මක් අරගෙන පිටකලා.
DU LIEST GERADE
Searching ‖ YoonMin X BTS [10]
Fanfictionඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...