𝑶𝒏𝒍𝒚 𝑾𝒂𝒏𝒕 ʸᵒᵘ 💙♥️🖤
•
•
•
දෙවන කතාංගය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•
•
•
Nie Huaisang ගෙන් කෙනෙක් ඇහුවොත් ඔයා දන්න ලස්සනම ආදර කතාව මොකක්ද කියලා එයාගේ උත්තරේ තමයි....
Lan Zhan සහා Wei Ying යනු කෙනෙක් දැක ඇති සුන්දරම ආදර කතා වලින් එකක්. ඒ සුන්දර ආදර කතාවේ ආරම්භය සොයා යන්නෙකුට එය මුලින්ම මුණ ගැසෙන්නේ ඔවුන් උසස් විද්‍යාලය කාලයේදීය. උසස් විද්‍යාලයෙන් සමත් වුනු පසු ඒ ආදරණීය යුවල මේ වන විට එකම වහලක් යට ආදරවන්තයන් ලෙස ජීවත් වීමට පටන් අරන් අවසන් ය.
Lan Zhan හෙවත් Lan Wangji... පෙනුමෙන් රළු සහා සීතල ඒ වගේම තරුණියන් සියලු දෙනා පිස්සු වට්ටන අතිශය කඩවසම් තරුණයෙකු උනු ඔහු කිසිවෙකු සමග වැඩි කතා බහට නොගිය නිශ්ශබ්ද, අතිශය දක්ෂ ආඩම්බරකාරී තරුණයෙකුයි. ඒත් ඔහුගේ විශාල අයිස් කන්ද දිය කරමින් ඔහුගේ ඉබි කට්ට දෙපලු කල ඇය පාසලට පැමිණි දිනයේ පටන් උත්සහා කල එකම දෙය Wangji ගේ අවධානය ගැනීමයි. ඇය කුඩායි, හුරුබුහුටි, හරිම සුන්දරයි. ඒ හැමදේටම වඩා ඇයගේ සූර්ය රශ්මිය පවා පරදවන සුන්දර සිනහව තරුණයන් සියළු දෙනාගේම අවධානය දිනා ගන්නට සමත් උනා. රිදී පැහැති නලියන නෙත් සඟලින් ඇය බලන ඕනිම අයෙක් ඇය වෙතට ඇදී ආවේ නිසැකවමයි. Wei Ying හෙවත් Wei Wuxian. ඒත් ඇයට උවමනා උනු එකම දෙය Wangji ගේ අවධානයයි. ඒත් ඇය එකල නොදැන සිටි දෙය උනේ ඒ රත්තරන් දෑස් වල සම්පූර්ණ අවධානය ඇය සතු බවයි.
BẠN ĐANG ĐỌC
𝐎𝐧𝐜𝐞 𝐔𝐩𝐨𝐧💙♥𝓐 𝓣𝓲𝓶𝓮 ᶜᵒˡˡᵉᶜᵗⁱᵒⁿ
Fanfictionමගේ හිතේ මැවෙන පුංචි පුංචි විකාර අදහස් වලින් උපන් කතා එකතුවකට මුල පුරන තවත් එක් ගමනක්.... ආදරය කියන පාට පාට ලෝකයේ.... අපේ හිත් වල පමණක් ජීවත් වන සුන්දර ප්‍රේම වන්තයන්....වන්තියන්.... සමග....♥️ සුන්දරම සිහින පාරාදීසයක් මවන්නට කරන මේ වෑයමට ඔබටත් ආරා...