_Chapter 12_

304 108 90
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 12

___________ ♡ __________


එදා අහස දීප්තිමත්ව බැබලුනත් උදෑසන ඉඳන්ම මින් සම්පූර්ණ පරිසරයෙන්ම අත්දුටුවෙ මලානික බවක්. ඔහුට ඒ දේ කෙතරම් හිතට බලපාලා තියනව ද කියලා කියනවා නම් හුස්ම ගන්න වාතය පවා ඔහුට දුන්නෙ මූසල හැගීමක් විතරයි..

තමන්ට ඕනි හැමදේම වගේ ජීවත් වෙන කාලෙදි අපිට ලැබෙන්නෙ නෑ. ඒක නේද සරලවම ජීවිතේ කියන්නෙ..

කන්තෝරුවේ වැඩ ඉවර කරලා ගෙදරට ආපු වෙලාවෙ ඉඳන් මින් හිතුවෙ ජොන් මහත්මයගෙ ආරාධනාව පිළිගන්නවද නැතිද කියලා..

ඔහුට එක හිස්තැනක් විතරක්ම නෙවෙයි.. හිස්තැනක් ගොඩක් තිබුනා.. සූදානම් වෙන්න හොඳ විලාසිතාවක්.. තෑගි දෙන්න පොඩිම දෙයක්වත්.. එතනට යන්න වාහනයක්වත් ඔහු ලග තිබුනෙ නෑ..

ඉතින් ඔහු අන්තිමට හිතා ගත්තා එතනට නොයා ඉන්න..

කොහොමත් එතනට ගිහින් පලවෙනිම වතාවට හිතේ ඇදුන රූපය වෙන කෙනෙකුට අයිති වෙනවා බලන්න මින්ට කිසිම ඕනි කමක් තිබුනෙ නෑ කියලා මට නම් ඕනිවටත් වඩා විශ්වාසයි..

~~~~~~~~~~

නවතම විලාසිතාවෙන් වෙන් කරගෙන තිබුන මිලාධික දුර්ලභ ඇදුම් කට්ටලයකින් සැරසිලා හිටපු ජන්කුක් ජෝන් ප්‍රභූවරයා නොඉවසිල්ලෙන් තමන්ගෙ දෙමාපියන්ගෙ නිවසෙ තමන්ගෙ නිදන කාමරයෙ එහාට මෙහාට ඇවිද්දා..

ඔහු හිටියෙ සෑහෙන්න කලබල වෙලා.. ඔව් ඉතින්.. ඔහුක් කලබල නොවී තියේවිද..? ඒ ඔහුගෙ විවාහ උත්සවය දවසනෙ..

ඔහු ඇත්තටම බලන් හිටියෙ ක්ලාරා අද මොන වගේ සූදානම් වෙලා ඇති ද කියලා දැන ගන්න. මූලු පළාතටම මේ අවුරුද්දට පවත්වන්න යන හොඳම විවාහ මංගල්‍යයනෙ මේ..

ජන්කුක් කුඩා මේසය මත තිබුන වතුර වීදුරුව හිස් කරලා එළියට ඇවිදගෙන ගියේ ඔහු එතන ඉන්න ඕනි වෙලාව හරියාගෙන ආපු නිසා..

මල් මෝස්තර වලින් හැඩ වෙලා තිබුන ජොන් මන්දිරය ඉසුලුවෙ වචන වලින් කියලා නිම කරන්න බැරි ගාම්භීරත්වයක් වගේම ධනපතිවාධීය සලකුනක්..

IDELLIC TEAR | JIKOOK AU | ✔️Donde viven las historias. Descúbrelo ahora