Author pov.
අප්පා... අර.... අජුම්මා බබා එක්ක වැටෙන්න යන්නෙ... චූටි හ්යුන් ජූ කිව්වේ හන්ටන් ගගට පනින්න හදන ගෑණු කෙනෙක් පෙන්නන ගමන්...
චුට්ටක් ඉන්න.. අහන්න.. පනින්න එපා... කියන ගමන් හ්යුන් ජූ ගේ අප්පා ඉක්මනට එතනට දුව ගෙන ගියත් ඔහු ට හැකි වූයේ එම කාන්තාවගෙ අතේ සිටි අලුත ඉපදුණ දරුවා තම අතට ගැනීමට විතරයි..
අප්පා.. අජුම්මා.. අවුරුදු දහයක් වූ හ්යුන් ජූ බයෙන් කියද්දි ..
හ්යුන් ජූ.. බබාව පරිස්සමෙන් තියා ගන්න... කියන ගමන් හ්යුන් ජූ ගේ අප්පත් හන්ටන් ගගට පැන්නේ ඒ ගෑණු කෙනා බේර ගන්න...
ටික වෙලාවක් ගියත් හ්යුන් ජු ගෙ අප්පවත් ගගට පැනපු ගෑණු කෙනාවත් දකින්න නැති වෙද්දි චූටි හ්යුන් ජූ බයෙන් අඩන්න ගත්තේ අතේ ඉදපු පොඩි දරුවාවත් හයියෙන් අල්ල ගන්න ගමන්... තව විනාඩි දෙක තුනක් ගත වෙද්දි ගගට පැනපු ගෑණු කෙනත් එක්ක ම ගොඩට ආව හ්යුන් ජු ගෙ අප්පව දැකපු හ්යුන් ජූ ..
අප්පා... කියලා කෑ ගහලා ඉක්මනට එතනට ගියේ අතේ ඉදපු බබාවත් පරිස්සමින් අල්ල ගෙන...
හ්යු..න් ජූ... අඩන්න එපා.. අපි අජුම්ම ව හොස්පිටල් එකට අරන් යමු හ්ම්.. කියන ගමන් ඉක්මනට හ්යුන් ජු ගේ තාත්තා තරුණ ගෑණු කෙනාවත් අර ගෙන තමන් ගෙ වාහනයට ගියේ Pyonggang ප්රදේශයේ මිනිස්සු වැඩිය නොමැති නිසා උපකාරයට ද කවුරුත් නැති වෙද්දි...
Time passed..අප්පා.. ඒ.. අජුම්මා හොදින් ද...
දේ බය වෙන්න එපා.. අපි එයා නැගිට්ට ම බබාව දීලා කතා කරලා යමු... හරි ද...
දේ... ඒත් ඇයි එයා ගගට පැන්නේ.. මට බය හිතුනා..
අයිගූ.. මගෙ චූටි හ්යුන් ජූ බය වෙන්න එපා.. අප්පා ඉන්නව නේ.. නේද..
හරි... අප්පා.. ඒ බබා ශෝයි නේද... එයා බෝල ගෙඩියක් වගේ...
දේ... හරියට මගෙ හ්යුන් ජූ පොඩි කාලේ වගේ..
අපි එයාව තියා ගමු ...
එහෙම කරන්න බෑනේ හ්යුන් ජූ.. එයා ඒ අජුම්මාගෙනේ...
හ්ම්... හ්යුන් ජු කිව්වෙ බිම බලා ගෙන දුකෙන්..
ටික වෙලාවකින් ඒ ගෑණු කෙනාට සිහිය ආවට පස්සේ හ්යුන් ජු ගෙ අප්පා ඒ කෙනා එක්ක කතා කරන්න ඇතුළට ගියා..
YOU ARE READING
I Have Something To Tell You ( Short Story )
Short Storyමේ තමයි අපෙ ආදර කතාව.. නොකියා හිතේ හංගගෙන ඉදපු ආදරේ..