Chapter 4

116 34 15
                                    

Jimin දැන් ඉන්නෙ Jeon family එකේ ගෙදර...
එය යම්තාක් දුරට  නවීන පන්නයේ නිවසක් වුවත් ජිමින් ට වැටහුනේ නැත්තෙ ඇයි Jeon කොල්ලා part time job කරන්නෙ කියලා ....

මොනවා හරි කමක් නෑ කියල ජිමින් bell එක ring කලා...

Ding Dong....

එතකොට නිවස තුල සිට පැමිණි මැදි වයසෙ කාන්තාවක් දොර විවෘත කලා..

" කාවද හමුවීමට අවශ්‍ය" එම කාන්තාව විමසු විට ජිමින් ඇය සමග සිනා සී හඩ අවදි කලා..

" මේ ජියෝන් පවුලේ නිවස ද?"

" ආහ් ඔව්.."

" මං Park Jimin මං ආවෙ Jeon family  එකේ අය හමුවෙන්න..."

" ආහ් හරි හරි... මට Jungwoo master ඒ ගැන පැවසුවා...
ඇතුලට එන්න... අපේ Master ලා ගෙන් proposal එකක් එව්වෙ ඔබතුමාට නේද."

" හ්ම්.. ඒ ගැන කතා කරන්න තමයි ආවෙ.."

" Mr. Park වාඩිවෙන්න... මං අපේ master  ලට කතා කරන්නම්..."

" ටිකක් ඉන්න එතකොට ඔයා කව්ද.."

" මං තමයි Mr . Jeon යි Mrs. Jeon යි නැති වුන කාලෙ ඉදන්ම master ලා දෙන්නවයි Jungkook baby වයි බලාගන්නෙ..."

" Jungkook baby කිව්වෙ කව්ද"

" ඒ තමයි අපේ young master."

" එයාගෙන් proposal එකක්  ආවෙ නම් නෑ .."

" ම් ම්... ඇත්තටම මේකයි Mr. Park එක්ක මේ පවුලෙ සම්බන්ධයක් හදාගන්න Mr. Jeon මට කිව්වෙ master ලා 3  න් දෙනාගෙන් ම proposal  යවන්න ඕන කියලා... ඒ ගිය Mr. Jeon නැතිවෙන්න මාස 3කට විතර කලින්... මං ඒ ගැන master ලට කිව්වම young master  ගෙන් යවන්න එපා කියලා කිව්වෙ.... ඇත්තටම ඒ ළමයා හරිම අහිංසක යි.. young master ලගේ සැලකිලි ඉවසන්න බැරිම තැන ගෙදර ඉන්නෙ නෑ .. Part time job  කරලා සල්ලි හොයාගන්නවා... රෑ වෙලා ගෙදර ඇවිත් කාමරේට යනවා... හිතූනොත් කෑමක් හදන් කනවා.... එහෙම තමයි එයාගේ ජීවිතේ...

මාත් ඉතින් මේවා Mr. Park ට කියලා වැඩක් නෑ... එයා ගැන මං කිව්වෙ මං ඒ දරුවා ගැන ගොඩක් දුක් වෙන නිසා.. "

" මට තේරුනා.... "

" මං master  ලට කියන්නම්..."

" තව දෙයක් Jungkook ට කියන්න Mr. Park ගෙදර ඇවිත් ඉන්නෙ එයාව හොයාගෙන කියලා."

" ආහ්.... ඒකියන්නෙ Jungkook baby  ව කලින් හම්බවෙලා තියෙනවාද?"

" ඔව්.. එයා ආවාම අපි කතා කරමු.."

මැදි වයසේ කාන්තාව උඩු මහලට ගොස් පවුලේ වැඩිමහල් දෙදෙනාට Mr. Park පැමිණි වග පැවසුවා...
ඒ සදහා සූදානම් වු දෙදෙනා පහලට පැමිණියේ මවාගත් සිනහවකින්....

මන්ද යත් දෙදෙනා ගේම සිත් වල Park Jimin ව විවාහ කරගැනීමට  තරගයක් තිබුන නිසා...
ඒ කිසිවක් ජිමින් කෙරෙහි දැක්වු ආදරයක් වත් ගෞරවක් නිසාවත් නෙවේ ..
දේපල තණ්හාව නිසාවෙනි..

මේ දේ අන් කවරකටත් වඩා හොදින් ජිමින්  වටහාගෙන තිබුනා...

" Hello Mr. Park.. හමුවීම සතුටක්.." පවුලේ වැඩිමලා වු Jungwoo සංවාදය ඇරඹුවා...

" Hello මටත් හමුවීම සතුටක්.."
ජිමින් ද ආපස්සට පැවසුවෙ සිහින් හිනාවක් වත් නොදී...
ජිමින් සැරෙන් සැරේ දොර දිහා බලන්නේ ජන්කුක් කොයිම මොහොතකදී හෝ නිවසට පැමීණේවි යන හැගීමේන්..

තිදෙනා අතර සුළු වචන හුවමාරුවකින් අනතුරුව නිවසේ දොර විවර වුනේ හති දාගෙන  පැමිණි ජන්කුක් නිසාවෙනි...

ඒ පැමිණිමත් සමගම දෙදෙනෙකුගේ මුහුන අදුරු වීමටත් කෙනෙක් ගේ මුහුණ සිනාවකින් පිරෙන්න ත් හේතු වුනා..

" Hello Jeon... ඔයාට College එක අතරමැද කතා කරාට සමාවෙන්න.. මට දෙයක් කියන්න තියෙනවා..."
ජිමින් ජන්කුක් දිහා බලාගෙන කතා කරා..

"Mr. Park.. ඒ මොකද්ද.."

" හ්ම් .. ලබන සතියෙ අපි Marry කරනවා.. ඔයයි මමයි.. "

" මොකක්.."

නිවසේ සිටි සියල්ලන්ගෙන්ම පිටවුනේ එය පමණයි...

" මට බෑ  Mr. Park ... මං තාම college student කෙනෙක්..  "

"ඒක මට ප්‍රශ්නයක් නෙවේ..."

" යාහ්... ඔයාට ප්‍රශ්නයක් නොවුනත් මට ප්‍රශ්නයක්... දැන්  Mr . Park යන්න... "

" Okay Jungkook... මං දැන් යන්නම්... හැබැයි ලබන සතියෙ අපි දෙන්නගේ  marriage එක වෙනවාමයි.. "

------------------------------------------

Hiii...
මුලින්ම සමාවෙන්න...
මට free වෙලාවක් හම්බුන ගමන්ම තමයි type කරේ....

කතාව කියවන්න කැමති එක්කෙනෙක් හරි ඉන්නවා කියලා හිතුන නිසා මං type කරා... ඔයාලගේ අදහස් කියන්න....

Bye ..  

✍️ Dula

Destined to meet you Where stories live. Discover now