_Chapter 13_

297 107 36
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 13

___________ ♡ __________


ඉදිරිපස දොර වහලා දාලා ඇතුලෙන් අගුලු පවා දමලා තිබුන මින්ගෙ කුඩා නිවසට හැඩීම සහ කදුලු එතරම්ම පුදුමයක් නොවුනත් එහෙම වුනේ මින්ගෙ කදුලු ඉදිරියේ විතරයි. හැඩි දැඩි පිරිමියෙක් ඒ විදිහට හඩා වැටෙද්දි මොන දේ වුනත් ඒ අප්‍රාණික බිත්ති වලට පවා දරාගන්න අමාරු වුනාද මන්දා කියලා මට හිතුනා.

මින්ගෙ නිවසට මෘත ශරීරාගාරාධිපති ප්‍රභූ ජොන් ජන්කුක් ඇවිත් දැන් හෝරා දෙකකට ආසන්න වුනත් ඔහුගෙ තවමත් නැවතුනේ නැති කදුලු මින්ට එකතු කලේ ප්‍රශ්නාර්ථයක් විතරයි.

ඔහුට ඕනි වුනා.. මොකද වුනේ ජොන් මහත්මයා කියලා අහන්න.. ජොන් ප්‍රභූවරයෙක් වුන එක ඔහුට ප්‍රශ්නයක් වුනේ නෑ.. ඒ වුනත් ඒ හැඩීම අතරෙ වුනේ මොකක්ද අහලා ඔහුට තවදුරටත් කරදර කරන එක තේරුමක් නෑ කියලා තේරුන මින් ඔහුව කුඩා විසිත්ත කාමරයේ සෝෆාවක තනි කරලා තමන්ගෙ නිදන කාමරයට වැදිලා සැහැල්ලු ඇඳුමකට ගොඩ වුනා.

මුලුතැන්ගෙය දිහාට ගිය ඔහු එලවලු පළතුරු අසුරනය දිහාට දෑස් යොමු කලේ රාත්‍ර්‍රී ආහාරය සූදානම් කරන්න කියලා වුනත් ජොන් ඒ වෙලාවෙ හිටපු විදිහෙන් ඔහු කෑමක් දිහා ඇහැක්වත් ඇරලා බලන එකක් නෑ කියලා මින්ට තේරුනා.

ඒ නිසාම උනු වතුර හීටරය ක්‍රියාත්මක කරපු මින් කෝපි කුඩු ටිකක් තිබුන හොඳම කෝප්පයට හැලුවෙ කිරි පිටි බෝතලයක් ගෙදර දිහා නැතිවීම පිළිබඳව ලැජ්ජ වෙන ගමන්..

ජීවිතේ හරිම කටුකයි..

.

" ජොන් මහතමයා මේ අහන්න.. මේ කෝපි එක බීලා ඉන්නකෝ.."

ජිමින් සෝෆාවෙ එහායින් වාඩි වෙලා ජොන්ට කතා කලා..

කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නැති ජොන් තව තවත් හයියෙන් ඇඩුවා.. සමහර විට දුම් දමමින් තිබුන කෝපි කෝප්පයේ දුම් රොදවල් නැති වෙලා යනකල්..

" දෙවියනේ කරුනාරලා ජොන් මහත්මයා.. ඔයා අසනීප වේවි.."

මින් ජොන්ගෙ මුහුණ තමන් දිහාවට හරව ගන්න උත්සාහ කළත් සාර්ථක වුනේ නෑ.

IDELLIC TEAR | JIKOOK AU | ✔️Onde histórias criam vida. Descubra agora