"කිසිම පොලිස් ස්ටේශන් එකකින්වත් ජිමින් ගැන හෝඩුවාවක් ලැබුණෙ නැහැ - ඩිටෙක්ටිව් සොක්ජින්"
උදේ පාන්දර පහයි හතළිහට විතර තමන්ගේ ෆෝන් එකට ආපු ඒ ඊමේල් නොටිෆිකේශන් එකේ සද්දෙ නිසාම විතරක් නෙවෙයි, ඒ වෙද්දිත් එයාගේ ෆෝන් එකට හොසොක්ගෙන් එන්න පටන් අරගෙන තිබුණු කෝල් එක නිසයි, මේසෙ උඩම නින්ද ගිහින් තිබුණු යුන්ගිට අන්තිමේදි නැඟිට්ටුණේ.
"යාහ් යුන්ගීයා---- මං දැනුයි ජිමින්ට වෙලා තියෙන දේ දැනගත්තේ... ඇයි මට කෝල් කලේවත් නැත්තේ??"
හොසොක්ගේ කෝල් එක ආන්සර් කරද්දිම යුන්ගිට ලැබුණේ ඒ වගේ ප්‍රතිචාරයක්. ඒත් යුන්ගි කිසිම දෙයක් නොකියා එයාලගේ කිචන් එක පැත්තට ෆෝන් එකත් කනේ තියාගෙනම ඇවිඳගෙන ගියේ, එයාගේ මග් එකට වතුර එකක් පුරවගන්න අදහසින්.
"මේ අහන්න යුන්ගී-- මං දන්නවා දැන් මං මේ කියන්න යන දේවල් ඔයා කනකටවත් අහන්නෙ නෑ කියලා... ඒ වුණත් ඔයා මේ වෙලාවේ සන්සුන්ව වැඩ කරන්න ඔින---"
හොසොක්ගේ කණස්සල්ලෙන් පිරුණු කටහඬ යුන්ගිගේ කණ පුරාම දෝංකාර දුන්නත්, එයා තවමත් වචනයක්වත් නොකියා හොසොක්ට ඇහුම්කන් දුන්නා.
"මටත් ඔයාට ඔිනම දේකට උදව් කරන්න පුළුවන්.... ඔයා දන්නවා මං ඔයාත් එක්ක ඔිනම දේකට ඉන්නවා කියලා..."
හොසොක්ගේ කටහඬත් පිරිලා තිබුණේ ලොකු වේදනාවකින්.
"ජිමින්ගේ කන්ටැක්ස්වලට අමතරව එයාගේ ෆේස්බුක් එකෙයි, IG එකෙයි ඉන්න යාළුවොන්ටත් කතා කරලා බැලුවොත් හොඳයි නේද යුන්ගී?"
DU LIEST GERADE
Searching ‖ YoonMin X BTS [10]
Fanfictionඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...