කරන්න තිබ්බ අසයිමන්ට් ගොඩ උඩම නින්ද ගිහින් තිබ්බ නිසා බෙල්ල ගාවින් ලාවට වගේ කැක්කුමක් ආවත් තව පිටු හයක් කම්ප්ලීට් කරන්න තියෙනවා කියලා දැක්කම ඒ කැක්කුම නැති වෙලා ගියේ ඉබේමයි..
"අහ්හ් ඇයි මට නින්ද ගියේ..අඩුම ගානේ ජින් හියුන්ට තිබ්බා මාව ඇහැරවන්න"
ටේබල් ලෑම්ප් එකේ එලිය අඩු වෙලා තිබ්බ නිසා තේරුනේ හියුන් නිදාගන්න කලින් මට මෙතන නින්ද ගිහින් කියන එක..පොඩ්ඩක්වත් සද්ද කරන්නේ නැතුව කාමරෙන් එලියට යන්න හැදුවත් හියුන් ඇහැරුනා කියල තේරුනේ බ්ලැන්කට් එකෙ සද්දේ ඇහුන නිසා..එහෙම්මම නැගිටලා කිචන් එක පැත්තට යන්න හැදුවේ හියුන්ව මගාරින්න...
"කූ ඔයා නැගිට්ටද? මන් ඇහැරවන්න හිටියේ තව ටිකක් බලලා"
"ඔයාගෙ වැඩක් බලාගන්න හියුන්..මන් මගේ වැඩ කරගන්නම්"
"ඒත් කූ....."
හියුන් ඉතුරු ටික කියනකල්වත් ඉන්නේ නැතුව කාමරෙන් එලියට ගිහින් දොර වහලා දොරටම හේත්තු වෙලා ලොකු හුස්මක් ගත්තා..ටික වෙලාවක් එහෙම්මම ඉදලා බිත්තිය අත ගාලා කොහොම හරි ලයිට්ස් ඔන් කරගෙන පහල තට්ටුවේ කිචන් එකට ගියා..ඊයේ රෑ..හියුන් විතරක් නෙවේ ඔම්මයි අප්පයි එක්කත් රණ්ඩු උනා..එයාලා කාටවත් මාව තේරෙන්නෙ නෑ..මට දැනෙන විදිහ එයාලා කාටවත් දැනෙන්නෙත් නෑ..
සාලේ එල්ලලා තිබ්බ ඔරලෝසුවෙන් පාන්දර දෙකයි කියලා වෙලාව දැක්ක ගමන් මන් ගනන් හදන්න ගත්තේ කීයේ ඉදන්ද මන් මෙ බඩගින්නේ ඉන්නේ කියලා..දවල්ට කෑවට පස්සේ ඉදන් මේ වෙනකල්ම මගේ බඩට මුකුත් වැටිලා නෑ කියලා මතක් උනාම බඩේ ඉන්න පණුවෝ ගැන අනුකම්පාවක් දැනුනේ ඉබේමයි..
හියුන් ලගට ගෙනල්ල දීපු කෑම එකත් එපා කියලා ලොකු කම දැම්මට ඒ වෙලෙත් මම හිටියේ වෙනදා කනවා වගේ තුන් ගුනයක කෑම එකක් කන්න තරම් බඩගින්නක.තවත් හිත හිත ඉන්නෙ නැතුව ෆ්රිජ් එකෙන් කෝක් බෝතලේ ගත්තේ හිස් බඩ උනත් වෙන කෑම හදලා කන්න තිබ්බ කම්මැලි කමට.කෝක් එක එලියෙන් තියලා වීදුරුව අරන් දාගන්න හදද්දිම හියුන් ඇවිල්ලා ඒක උදුරලා ගත්තා..
"යාහ්හ් තමුන්ට පිස්සුද මේවා බොන්න මහ රෑ? "
"මමනේ බොන්නේ...ඕක මෙහාට දෙන්න හියුන්"
"ඔහොම ඉන්නවා මන් මොනා හරි හදල දෙන්නම්..හදලා දෙන ඒවා කන්නෙත් නෑ ලොකු කම දදා ඉන්නවා...."
හියුන් තනියම කියව කියව කෑම හදන්න ගත්තම ඔම්මලා ඇහැරෙන්න එපා කියලා හිතෙන් ප්රාර්තනා කරන ගමන් ආයෙත් කාමරේට ගියේ අසයිමන්ට් එකේ ඉතුරු පිටු 6 කම්ප්ලීට් කරන්න..
දවස් ගානකට පස්සේ යුනිවසිටි යන දවස හෙට...දවස් ගානකින් කියනවට වඩා මට තිබ්බ ඔක්කොම ප්රශ්න විසදගන්න පුලුවන්, ඒ වගේම 'එයා' එක්ක කථා කරන්න පුලුවන් දවසත් හෙට..
___________#Park_Diya__________
මොනාම හරි කමෙන්ට් කරන්න.
කියවනවට ස්තූතියි❤️
YOU ARE READING
My POV || JJK Centric || ☑️
Fanfiction"EVERYONE WORRY ABOUT HIM...NOT ME" "NO ONE CARE ME" "I HATE PARK JIMIN"