ඒත් ඒකත් මම හිතපු දෙයක්ම කියලා දැනුනේ එයා මාව පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැතුව එයාගේ යාලුවා එක්ක කතා කර හිටපු නිසා.
"ජිමිනී............"
හෝසොක් එක්ක කතා කර කර හිටපු මගේ ජිමිනී එයාගේ නම කියනවා ඇහුන නිසා මන් දිහා හැරිලා බැලුවා..ඒත් කිසිම හැගීමක් ඒ මූණෙන් පෙනුනේ නැ මට.වෙනදට මන් එද්දි ඇස් හීනී වෙන විදිහට හිනා වෙන මගේ ජිමිනී අද කිසිම දෙයක් නැතුව හිස් හැගීමකින් මන් දිහා බලන් හිටියා..මන් එයා එක්ක කතා කරන්න ඕනේ බිසා එයා ගාවටම ගියත් එයා මාව ගනන් ගත්තේ නෑ...එක දිගට හෝසොක් එක්ක කියවද්දි හෝසොක් එක්කත් මට කේන්ති ගියා.
°°°°°°°°°°°°°°°°°°°
මුල් ලෙක්චර් එක වෙලාවෙම ජිමිනි මාත් එක වචනයක් වත් කතා කලේ නැහැ...ඊයේ රෑ පන දාගෙන කම්ප්ලීට් කරපු අසයිමන්ට් එකේ එක කොටසක් වැරදි නිසා ළමයි ඔක්කොම යනකල් ඉදලා ප්‍රොෆෙසර් මට හොදටම බනිද්දි හිතුනේ හැම දේකින්ම මට නිදහසක් නැද්ද කියලා......
-ජිමින් මට ඔයාව ඕනේ...
ජිමින්ගේ මූණටම කිව්වේ නැත්තත් මම එයාට හිතෙන් දහස් වතාවක් ඒක කිව්වා....හැමදෙම එපා වෙලා වගෙව් දැනෙද්දි මම දැක්කේ යුනිවසිටි එකේම පැත්තක තිබ්බ කෝෆි ශොප් එකට ජිමින් යනවා..වෙනදට එයා මාත් එක්ක ඒකට ගියත් අද තනියම යනවා දකිද්දි හිතුනේ එයා එයාගේ ජීවිතෙන් මාව අයින් කරලා කියලා...
මමත් තව කල් අරින්නේ නැතුව කොෆී ශොප් එකට ඉක්මනින් ගියේ මේ දේවල් කතා කරලා විසදගන්නවා කියලා හිතාගෙන."ජිමින් මට කතා කරන්න ඕනේ ඔයා එක්ක"
"වේහ්හ් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ටික නැද්ද දැන්"
ජිමින් මගෙන් නපුරු විදිහට අහද්දි මගේ හිත රිදිච්ච විදිහ දන්නේ මම විතරයි.
"ඔයා මොනාද කියන්නේ මේ ජිමිනී??"
"ඔයා හොදටම දන්නවා ජන්ග්කුක්...ඇයි මම එපා කියන දේවල්ම කරන්නෙ?.. ඔයාට මාව විහිලුවක්ද?"
"ආනී ජිමිනී....ඒක පොඩි දෙයක්නේ...අනික ඔයා දන්නවා මන් ආදරේ-..."
"ආ ජන්ග්කුක්...ඔයාත් ඊලගට ආර්ට් ගැලරි එකට නේද යන්නේ?..අපිත් එහාටමයි යන්නේ..අපි එක්කම යන්"
ජිමිනුයි මායි කතා කර කර ඉද්දී එතෙන්ට ආවේ සියොන්...වැඩිය කතා බහක් නැති සියොන් එක්ක අපි කට්ටියම ආර්ට්ගැලරි එකට යද්දිත් ජිමින් වචනයක්වත් කථා කලේ නෑ....අඩුම ගානේ ආර්ට් ගැලරි එකේදීවත් ජිමින් මාත් එක්ක කතා කරලා යාලුවෙයි කියලා හිතුවෙ ජිමින්ට එක තත්පරයක්වත් මාත් එක්කකතා නොකර ඉන්න බෑ කියල දන්න නිසා...ඒත් ඒක වැරදියි...
යුනිවසිටි එකෙන් යනකල්ම එයා මාත් එක්ක කතාකලෙ නැත්තේ මගේ හිත උපරීමෙටම රිද්දලා....
හැමදෙයක් ගැනම ටික ටික කලකිරෙද්දි ජිමින්ට පිස්සුවෙන් වගේ ආදරේ කලාට ඒකද මට ලැබුන දේ කියලා හිතුනා...
මම මොකටද තවත් මට දුක හිතෙන දේවල් හිතින් අල්ලන් ඉන්නේ?
ඒවාට යන්න දෙන්න ඕනේ නේද?________________By Diya🪶________________
අතාරින්න ඕනේ නේද?
YOU ARE READING
My POV || JJK Centric || ☑️
Fanfiction"EVERYONE WORRY ABOUT HIM...NOT ME" "NO ONE CARE ME" "I HATE PARK JIMIN"