උදේ ඉදන් එහාට මෙහාට දුවලා මහන්සි වෙලා හිටපු නිසා හිමින් හිමින් පාරේ කෙලවරෙන් ඇවිදන් ගියේ බස් හෝල්ට් එකට...ඇගට වඩා මහන්සි හිතට...ගැලරි එකෙන් ඇදලා ඉවර කර ගන්න බැරි උන ලොකු කැන්වස් ඔයිල් පේන්ට්ස් ටික ගෙදර අරන් ගිහින් වත් ඉවර කරනවා කියලා හිතුවා..
ඒත් මම දන්නවා හිත එකතැනක නැති උනාම චිත්‍රයක් අදින එක කොච්චර අමාරුද කියලා..
ගෑනු ලමයි ටිකක් එක්ක ඉදලා ෆොටෝ ගැහුවා කියලා මේ විදිහට මාව මගාරින්න ජිමින් මෙච්චර බොලදයිද? එහෙමත් නැත්තම් එයාට ඇත්තටම මාත් එක්ක තරහා වෙන්න ඕනේද? කියන එක මගේ හිතට ලොකු ප්‍රශ්නයක් උනත් ඒ ගැන හිත හිතම බස් හෝල්ට් එක ගාවට ඇවිල්ලා කියලා මම දැක්කා..මොනවා උනත් ජිමින් ගැන හිතන හැම වෙලේම හිත රිදෙන එක නවත්තගන්න බැරි උනා..ඔක්කොටම වඩා මට බය හිතුනා ජිමින්ගෙන් රිජෙක්ට් වෙන්න වෙයි කියලා..
"ක් හ් ම් ................ ක් හ් ම්..............."
එක පාරටම ඇහුන සද්දයක් නිසා පිටිපස්ස හැරිලා බැලුවම හිටියේ ලූකස්..කොලේජ් යන කාලේ ඉදන් මයේ යාලුවෙක්...
"අම්බොහ් මන් බය උනා.."
"ළමයා ලොකු කල්පනාවක වගේ නේද?.."
"අහ්හ් නී.....කල්පනාවක ඉන්නම ඕනේ නෑ..ඔහොම බය කලාම ඕනේ කෙනෙක් බය වෙනවා ලූකස්ස්"
"හහ් හහ්...බස් එනකල් නේද ඉන්නේ? මාත් එක්කම යන්"
"හ්ම්ම් ඔව්....සෙනග මේ වෙලාවට නැති නිසා බස් එකේ යන්න හිතුනා"
ඒත් එක්කම ඈතින් බස් එක එනවා දැක්ක නිසා ආයෙමත් කැන්වස් ටිකත් අරගෙන නැගිට්ටා..මාත් එක්කම ලූකසුත් බස් එකටම නැගලා එක ලග තිබ ශීට් දෙකක ඉද ගත්තේ ලොකු කතාවකට මුල පුරන්න වගේ..
"ඉතිම් මොකද වෙන්නේ මේ දවස් වල.."
ලූකස් මගෙන් අහද්දි කියන්න විශේශ දෙයක් ඇත්තටම තිබ්බේ නැ.අනික මන් ඉන්නෙත් කතා කරන්න පුලුවන් තත්වෙක නෙවේ..ලූකස් මට විශ්වාසයි..ඒත් ඕනේ නෑ ජිමින්ගෙයි මගෙයි දේවල් එයාට කියන්න.
"විශේශයක් නැ ටේ..අසයිමන්ට් අස්සේ හිර වෙලා පිස්සු වගේ..එච්චර තමා..ලියනවා ලියනවා ඉවරයක් නැ"
"කියලා වැඩක් නැ කුක්....අපෙත් එහෙමමයි..ඒක නෙවේ උබ අවුලකින්ද ඉන්නේ..බලපන්කෝ මූනේ හැටි මැලවිලා ගිහින්නේ"
"අහ්හ් නී මුකුත් නැ ලූකස්"
මම පුදුම උනේ ලූකස්ටත් මගේ මූනේ වෙනස අදුන ගන්න පුලුවන් උන එකට..ඒත් ඇයි ජිමිනි පොඩ්ඩක්වත් මන් ගැන හිතන්නේ නැත්තේ?.... ඇයි ඔයා ඔච්චර ලොකු කමින් ඉන්නේ?
"මුකුත් නෑ නෙවේ..මොකක්ම හරි තියෙනවා බන්"
ලූකස් ආයෙමත් කියද්දි ජන්ග්කුක්ට පුලුවන් උනේ අසරන විදිහට හිනා වෙන්න විතරයි.තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමන්ද ඉග්නෝර් කරනවා කියලා කියන්නේ කොහොමද?..
අනික ජන්ග්කුක් කැමති උනෙත් නෑ කාටවත් දෙවෙනි වෙන්න.ඒත් එක්කම ජන්ග්කුක්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්තු නිසා සාක්කුවට අත දාලා ඒක අරන් බැලුවා..-චිම්❤️
ඒක දිහා ටික වෙලාවක් බලන් ඉදලා එක පාරම කෝල් එක කට් කලේ මේ වෙලේ ජිමින් එක්ක කතා කරලා ලූකස්ටත් අපේ ප්‍රශ්න දැනගන්න දෙන්න ඕනේ නැති නිසා.මම කලේ හරි දේද කියලා මගෙන්ම අහන ගමන් ආයෙත් ෆෝන් එක සාක්කුවට දාගත්තා..
"උබ ජිමින් එක්ක අවුලකද ඉන්නේ බන්.."
ලූකස් අහපු දෙයින් මට තේරුනා මට කෝල් එල ආවේ ජිමින්ගෙන් කියලා එයා දැක්ක කියලා..මම උරහිස් දෙක අකුලලා මුකුත් ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා..
"හ්ම්ම් හ්ම්ම්...උබට ප්‍රශ්නයක් තිබ්බත් උබ අපිට කියන්නේ නෑනේ කොහොමත්...දෙයක් කියන්නම් බන්... ඔයා ඔය ඉන්න විදිහ ගැලපෙන්නේ නෑ...බලපන් නිකන් මූන එල්ලන් ගෑනී දාලා ගිය මිනිහා වගේනේ..."
මම කිසිම දෙයක් කියන්නෙත් නැතුවම ලූකස් මට උපදෙස් දිගෙන යද්දි මම හිතුවා ලූකස් කියන්නේ ඇත්ත කියලා.බස් එකෙන් බහිනකලුත් ලූක කරේ බණ කියනවා වගේ මට උපදෙස් දීපු එක..ඒත් මට අන්තිමට තේරුනේ, මොකක් හරි දේකින් දුකක් දැනුනා නම් ඒක ජීවිතෙන් අයින් කරන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ කියන එක..අඩුම ගානේ ඒ දෙයින් එකම එක පාරක් හරි තමන්ට සැනසීමක් ලැබිලා තිබ්බත්!!!!..
________________
By Diya 🐾️ජන්ග්කුක් හරිද?
නිකන් ඇහුවේ ඔයාලගේ අදහසුත් කියන්න....
😚❤️
ŞİMDİ OKUDUĞUN
My POV || JJK Centric || ☑️
Hayran Kurgu"EVERYONE WORRY ABOUT HIM...NOT ME" "NO ONE CARE ME" "I HATE PARK JIMIN"