6

104 48 0
                                    

ඒත් මම එකම එක පාරක් හිතුවා නම් ජිමින් මාව මගෑරලා මොන විදිහකින් ඉන්නවද කියලා...

ඒත් මම එහෙම කලේ නෑ.

මට රිදන්න ආපු නපුරුම නපුරෙක් විදිහට ජිමින්ව මම දැක්කේ.

°°°°°°°°°°°°°°°°°°

දවස් තුනක් එක දිගට යුනිවසිටි කට් කලා..ඒ දවස්  තුනම අරගෙන මගේ පේන්ට්ස් ටික ඇදලා ඉවර  කලේ ෆයිනල් එක්සෑම් එකෙන් හොද මාක්ස් දාගන්න ඕනේ නිසා..

-ජිමින්.

ජිමින්ගෙන් මේ වෙනකල් ආපු හැම කොල් එකක්ම මම ආනසර් කරන්නේ නැතුව ඔහේ කට් වෙලා යන්න දුන්නා..මගේ හැම නම්බර් එකකටම ජිමින් කෝල් කලා...ඒත් ඒ එක කෝල් එකක්වත් මන් ආන්සර් කලේ නැත්තේ මුලින් ඈත් වෙන්න හිතුන නිසා උනත් පස්සෙදි ඒකෙන් මට අමුතු සතුටක් ලැබුන නිසා...

ජිමින් මට මෙච්චර කෝල්ස් ගද්දි, මැසේජ් එවද්දි මට දැනුනේ ජිමින්ට මාව ගොඩක් වැදගත් කෙනෙක් කියලා..ඒ හැගීමට මම ආස වෙද්දි කවදාවත් හිතුවේ නෑ ජිමින් ඉන්නේ මොන වගේ තත්වෙකද කියලා...

ඔව් මම වැරදියි තමා..
ඒත් මම ඒ වැරැද්දට ඇබ්බැහි වෙලා..

°°°°°°°°°°°°°°°°°°°°°°°°

ෆයිනල් එක්සෑම් එක තිබ්බ දවසෙම ආයේ යුනිවසිටි යන්න ගත්තේ නොයා බැරි නිසා.. මම ලෙක්චර් හෝල් එකට යද්දි ජිමින් ඒකේ හිටියේ නෑ... මගේ පේන්ටින් ටික ප්‍රොෆෙසර්ට දීලා කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැතුව ගිහින් මගේ නම්බර් එක හොයන් ඉදගත්තා....

ටික වෙලාවකින් ජිමින් හෝල් එකට ඇවිල්ලා එයාගේ නම්බර් එක තියෙන තැන ඉදගත්තා.හරියටම මම එහා පැත්ත හැරිච්ච ගමන් ඉන්නේ ජිමින්!!!

එයා මන් දිහා බලලා හිනා උනත් මම ඉක්මනට ටේබල් එක උඩ තියලා තිබ්බ කොල ටික අතින් එකතු කරන්න ගත්තා...මට බැ ජිමින්ගේ ඇස් දිහා බලන් එයා එක්ක කතා කරන්න..ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා පේපර්ස් ටික බෙදද්දි හෑමෝම නිශ්ශබ්ද උනා....
හැමෝම පේපර් එකෙ සිහියෙන් හිටියත් ජිමින් සැරෙන් සැරේ මගේ දිහා බලනවා මම ලාවට වගේ දැක්කා.

-මට සමාවෙන්න ජිමින්...

පැය තුනක ලොකු පේපරේකින් පස්සේ ආයෙමත් තිබ්බේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක...ජිමින් පේපර් එක ලියලා නිදාගෙන ඉන්නවා දැක්කත් මම හිතුවා එයා හොදට එක්සැම් එක ලියන්න ඇති කියලා...
ලන්ච් ටයිම් එකේදී මම ක්ලාස් එකෙන් එලියට ගියේ කාස් එකේ හිටියොත් එයා අනිවාරෙන්ම කතා කරන්න එනවා කියලා දන්න නිසා...

-මට සමාවෙන්න ජිමින්.

ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ ස්කිල් එක  තියලා තියෙද්දි එක වටෙම ඊසල් දාලා තිබ්බා...ලේසි විදිහකට ස්කිල් එක පේන තැනක් බලලා ඉදගත්තත් ළමයි ඔක්කොම ඇවිල්ල හිටියත් ජිමින්  ආවේ නෑ..ඒත් ප්‍රොෆෙසර් ආර්ට් පේපර්ස් බෙදන්න ගත්තම ජිමින් ආවා..එයාගේ ඇස් රතු වෙලා තිබ්බේ..

~මට කියන්න එපා ජිමින් ඔයා ඇඩුවා කියලා නම්.

එයා අඩලා..දිලිසිලා චූටි වෙලා තිබ්බ ඇස් දැක්කම වරදකාරී හැගීමක් මට දැනුන නිසා..ඒත් මට ඕනේ නැ ජිමින් ආයෙමත් රිද්දගන්න..මට සමාවෙන්න!..

 විනාඩියක් 

දෙකක්

පැය භාගයක්..

අහ්හ් පැයක්

දෙකක් එක දිගට පේන්ට් කලා..සැරින් සැරේ ජිමින් මන් දිහා බලනවා දැක්කත් මම හිතක් පපුවක් නැති ගානට එයා දිහා බැලුවේ වත් නෑ...මන් මේ කරන්නේ මොකක්ද කියලා මටවත් තේරුනේ නැ..

~ඒත් මෙහෙම කරන එකෙනුත් මට රිදෙනවා ගොඩක්!


__________________
අහ්හ් නී ජන්ග්කුක්ට රිදුන්නෑ.
ජිමින් හිත හදාගන්න මේක ලියන්නේ.
ජන්ග්කුක් දීපු දඩුවම ජිමින්ට ලොකු වැඩියි.
මොනා හරි කොටම්න..මට බැනලා හරි කමන්නැහ්🤭

My POV || JJK Centric || ☑️Donde viven las historias. Descúbrelo ahora