7

98 47 0
                                    


පැය හතරක් අදින්න තිබ්බ ඩ්‍රෝවින් එක ජිමින් පැය දෙකාමාරෙන් ඇදලා ඉවර කරලා හෝල් එකෙන් එලියට ගියේ පුදුම හදිස්සියකින්...අනිත් අය අඩුම ගානේ පාට කරන්නවත් අරන් නෑ කියලා මම දැක්කා..ඒත් ජිමින් කොහොම හරි බැග් එකත් අරන් හෝල් එකෙන් ගියාට පස්සේ මම ආයෙමත් මගේ වැඩේට අවදානේ දුන්නා..

~ඒත් මට එහම කරන්න අමාරු උනා~

.......................................

මගේ පේන්ට් එක ලස්සනට ඉවර කරද්දි පේපර් එකතු කරන්නත් තව ටික වෙලාවයි කියලා ප්‍රොෆෙසර් කිව්වා...ෆිනිෆින් එකෙන් පස්සේ මගේ බඩු ටික හෝදගන්න එලියට යද්දි මම දැක්කේ ජිමින් ටේහියුන්ගේ අත බදාගෙන ඉන්නවා..

ඔව් එයා ටේහියුන්ගේ උරහිස බදාගෙන අඩනවා. 

ජිමින් අඩද්දි මන් කිසිම හෑගිමක් දැනීමක් නැති කෙනෙක් වගේ මගේ වැඩේ කරගෙන එතනින් ගියා. අන්තිමට මන් යුනිවසිටි එකෙන් එලියට යන්න හදද්දී ජිමින් මන් ගාවට එනවා දැක්ක නිසා මම ඉක්මනට එතනින් යන්න හැදුවත් එයාගේ කටහඩ මාව එතනම නැවැත්තුවා..

"ජන්ග්කුකී..."

හරියට එදා මන් එයාට කතා කරද්දි එයා මාව මගෑරපු විදිහ මතක් උනා මට.. දැන් මම එයාව මගාරින්න ඕනේ කියලා හිත එක දිහට කියද්දි මට ඒ දේ කරන්න එච්චර ලේසි උනේ නෑ..

ජිමින්.
එයා ඇස් වල කදුලු ගොඩාක් පුරවන් ඉන්නවා දකිද්දි මට ගොඩක් දුක හිතුනා.
මන් එයාට පිස්සෙක් වගේ ආදරේ කලා.

"ඔහොම නවතින්න ජන්ග්කුක් ඔයාට මොකකද වෙලා තියෙන්නේ?"

"මට ඔයා එක්ක කතා කරන්න ඕනේ ජන්ග්කුක් ප්ලිස්ස් ඉන්න"

ජිමින් මගේ අතින් අල්ලන් එහෙම කියද්දි එයා දිහා බලන් ඉන්නවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බේ නෑ.ඒත් අන්තිමට මම  කලේ වෙනදා වගේම ප්‍රශ්නේ මගෑරපු එක..

"ජිමින් මට පරක්කු වෙනවා බස් එකට..බලන්න දැන්මම පරක්කු වෙලා..මට යන්න දෙන්න"

"එහෙනම් පොරොන්දු වෙන්න ගෙදර ගිහින් මට කෝල් කරනවා කියලා..මට කතා කරන්න ඕනේ ඔයත් එක්ක ජන්ග්කුකී..."

"හ්ම්ම්.."

"ප්‍රොමිස්?"

"හ්ම්ම් මන් යනවා"

ජිමින්ගේ අතින් මගේ අත ගලවන් ඉක්මනට බස් හෝල්ට් එක ගාවට ගියත් මට ජිමින් එක්ක කතා කරන්න දෙයක් තිබ්බේ නැ....
ඒත් මට එයාට මුහුණ දෙන්නත් බෑ......
තාමත් මම එයාට ආදරෙයිද කියන එකට උත්තරයක් මන් ගාව තිබ්බෙත් නැ....

ඒත් ජිමින් මේ විදිහට එල්ලි එල්ලි කතා කරද්දි මට දැනුනේ නරක විදිහේ සතුටක්... ඒ සතුට මට තව තවත් ඕනේ වෙද්දි මම හිතුවේ නෑ මම සතුටු වෙන තරමටම ජිමින් විදවයි කියලා..

මම ගෙදර ගියේ කිසිම හැගීමක් දැනීමක් නැති කෙනෙක් විදිහට...
මට ජිමින් එක්ක බ්‍රේක් අප් වෙන්න ඕනේ!!

ඒත් ඒකට හෙතුවක් නැ..ජිමින් මාව මගෑරපු නිසාද?
නෑ මට ඕනේ රිද්දන්න!!




__________#Diya__________
මම හිතන්නේ එයාට ඕනෙ උනේ මාව රිද්දන්න
හී හී මොනාම හරි කියන්න..අවුලක් නැ..
මන් දන්නෙත් නෑ මට තාම මේ දේවල් මතක ඇයි කියලා..
විකාරයක් වගේ නෙහ්?😪

My POV || JJK Centric || ☑️Where stories live. Discover now