10

112 42 0
                                    

"ඕඔ ජිමින්ලු ඒ කොල්ලගේ නම"

"සුයිසයිඩ් කරන්ලු නේ....ඩ්‍රග්ස් ඇගේ තිබිලත් අහුවෙලා මෙඩිකල් ටෙස්ට් වලට"

"කවුද අනේ ඔය කියන කොල්ලා?"

"අර ආර්ට් ෆැකල්ටියේ කොල්ලෙක්ලු..අර මතක නැද්ද අනේ කොට කොල්ලෙක් හිටියේ.."

"අර හෝසොක්ගේ යාලුවද?"

"ඔව් නේ හෝසොක් නිතරම ඉන්නවා ඒ කොල්ලා එක්ක..හොබියත් නැති නිසා මේ දවස් ටිකේම මම හිතන්නේ ජිමින් කියන්නේ ඒ කොට කොල්ලා තමා කියලා."

"ඇයි දන්නේ නෑ නෙද සුයිසයිඩ් කරගෙන තියෙන්නේ?"

ජන්ග්කුක් රිසාල්ස් ආවම ජන්කුක් යුනිවසිටි යන්න ගත්තා..ඒත් මේ වෙද්දි යුනිවසිටි එකේ ලොකුම මාතෲකාව උනේ 'පාර්ක් ජිමින්'. ඒත් ඒ පාර්ක් ජිමින් ජීවතුන් අතර නෑ කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද?..හිතාගන්න බැරි උනත් ඒක තමා ඇත්ත!
ජන්ග්කුක් උනත් පිලිගන්න අකමැති උන ඇත්ත.

ජන්කුක්   ලෙක්චර් හෝල් එකට යන්නේ නැතුව කෙලින්ම යුනිවසිටි එකේ පැත්තක හදලා තිබ්බ ගාඩ්න් එකට ගියේ හෝල් එකෙත් ළමයි හැමෝම ජිමින්ගේ මරනේ ගැන කතා වෙනවා ඇති කියලා බය උන නිසා!..

ඒත් මන් ගාර්ඩ්න් එකට යද්දි කොහෙන්දෝ මන්දා ආපු ශක්තිමත් අතකින් මාව ඇදලා ගත්තා..නොසංසුන් වෙලා තිබ්බ මගේ හිත ඒ කෙනා නිසා තවත් නොසංසුන් උනා..බලද්දි හිටියේ හෝසොක්!..ජිමින්ගේ යාලුවා..හෝසොක් හිටියේ කේන්තියෙන් කියලා මූණ දැක්ක ගමන් කියන්න පුලුවන් උනා ජන්කුක්ට!

හෝසොක්ගේ රතු වෙලා තිබ්බ ඇස් වලින් කියන්න පුලුවන් එයා අඩලා කියලා!..

ජන්කුක්ට හිතන්නවත් කාලයක් නොදී හෝසොක් කම්බුලට ගැහුවා එයාගේ.ජන්කුක් කම්මුල අල්ලගද්දි අනිත් පැත්තට ආයෙමත් හෝසොක් ජන්කුක්ට ගැහුවා!...ඒත් ඊලගට එයා වචනයක්වත් කියන්නේ නැතුව යන්න හදද්දි ජන්කුක් කතා කලා..

'මම නිසා නෙවේ එහෙම උනේ!'

හෝසොක් ආයෙමත් ජන්කුක් කියපු දේ කල්පනා කරලා හැරිලා බැලුවා..හෝසොක් හිටියේ ජන්ග්කුක්වත් මරලා දාන්න තරම් කේන්තියෙන්..ඒත් හෝසොක් ජිමින්ගේ වචන නිසා ජන්කුක්ට කිසිම දෙයක් කරන්න ගියේ නැ...

"තමුසේ මහ පවු කාරයෙක්!..හොදට හිටපු කොල්ලව මරාගත්තා!.තමුසෙට කී පාරක් කිව්වද තියෙන දෙයක් කතා කරලා විසදගන්න කියලා...තමුසේගේ ලොකු කමට හෙන ගහපන්"

හෝසොක් කේන්තියෙන් කියද්දි ජන්ග්කුක්ට මතක් උනා පහුගිය කාලේ හෝසොක් එයා එක්ක කතා කරන්න ගත්තු උත්සාහය.ඒත් ජන්කුක් හිතුවේ ජිමින් හෝසොක්ට කියලා එව්වා කියලා...

ජන්ග්කුක් දැනගෙන හිටියේ නෑ එයා හෝසොක්ට කියපු දේවල් නිසා ජිමින්ට මොන තරම් රිදෙන්න ඇත්ද කියලා.

'හෝසොකාහ් උබට ඕන්නම් ජිමින්ව යාලු කරගනිම්....මට දැන් එයාව වැඩක් නෑ'

ජන්ග්කුක් හෝසොක්ට ඒ විදිහට කිව්ව දවසේ ඉදන් හෝසොක් එයාට වෛර කලා...එක දවසක් හරි ජන්ග්කුක් ජිමින්ට ආදරේ කලා නම් කවදාවත්ම ඒ විදිහට කියන්නේ නෑ කියන එකයි හෝසොක්ගේ මතේ උනේ...හෝසොක් මේ දේවල් ජිමින්ට දැනගන්න දුන්නේ නැති උනත් ජිමින් හැමදේම දැක්කා!...ජන්ග්කුක් කියපු එක වචනයක් වචනයක් ගානේම ජිමින්ට එයා ගැනා ඇති උනේ කලකිරීමක්..

ඒත් ජන්ග්කුක් කිසිදෙයක් දන්නේ නෑ!

__________Diya____________
තව එකයි..
ස්තූතියි මේක කියවනවට!
මගේ කතාවෙම වෙච්ච ගොඩක් දේවල් මම දැනගත්තෙ අන්තිමට!!!

My POV || JJK Centric || ☑️Where stories live. Discover now