Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 14___________ ♡ __________
" ලොකු මහත්මයා මට එන්න කීවෙ..?"" තමුන් ඊයෙ තමුන්ගෙ එක ලිපි ගොනුවක් අඩුවෙන් සම්පූර්'ණ කරලා තිබුනෙ. එක දිගට වැරදිම කරන්නෙ මොකද පාක්..?"
" අනේ.. සමාවෙන්න මහත්මයා.. මට එහෙනම් එකක් මග ඇරෙන්න ඇති.. ඒ වුනත් මන් අන්තිම මොහොතෙත් ආපහු පරීක්ෂා කලානෙ.."
" එහෙම නම් කොහොම ද එතන එකක් නැතිවෙන්නෙ පාක්.. අනික ඒ ලිපි ගොනුවම තමන්ගෙ පෞද්ගලික ලාච්ඡුවෙන් හම්බ වෙන්නෙත්.."
" අනේ.. සමාවෙන්න සර්.. එහෙනම් අනිවාරෙන් මට අත පසුවීමක් වෙලා.. ආපහු එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා මම පොරොන්දු වෙනවා.."
" හරි එහෙනම්.. අද දවසෙවත් ලියකියවිලි ටික හරියට භාර දෙන්න පාක්.. තේරුනානෙ..?"
" හොඳයි මහත්මයා..!"
ඉහළ මිනිස්සු යටතෙ වැඩ කරන එක වෙලාවකට හරි වදයක්.. එහෙම නෙවෙයිද..? ඔහු නිකන් සල්ලාල මිනිසෙක් වගේ නම් ඒ දේ ඊටත් වඩා අමාරුයි..
~~~~~~~~~~
වෙලාව ඉක්මනින් ගෙවිලා ගිහින් මින්ට නිවසට යන්න පුලුවන් වෙලාව යන්තම් උදාවුණා. අදාල ලිපි ගොනු සහ ලියකියවිලි සියල්ල නිවැරදිවම භාර දුන්නු මින් ඔහුගෙ කුඩා බෑගයත් අරගෙන එළියට බැස්සෙ සුපිරි වෙළඳසැලකට ගොඩ වෙන්න හිතාගෙන. මොකද තවත් කෙනෙක් නිවසෙ ඉන්නවා කියන්නෙ තමන් වගේ පිරි මහ ගන්න බෑ. එහෙම නේ..? අනික ප්‍රභූවරයෙක් එක්ක මොන පිරිමැහිලි ද..?
ඕක් ලීයෙන් නිමවලා තිබුන විසිතුරු දැව භාණ්ඩ වෙළඳැසල දිහා හරි ආසාවෙන් බලාගෙන ඉදිරියට ඇඳුන මින් දැක්කෙ නෑ තවත් කෙනෙක් තමන් දිහාට එනවා කියලා.. ඒ නිසා ඔහු ඒ කෙනාගෙ උරහිසේ වැඳිලා කොනකට විසික් වුනා.. කොහොම වුනත් මින්ට පුලුවන් වුනා නොවැටී තමන්ගෙ සමබර තාවය තියා ගන්න..
" ජී මින්..?"
" ඔබ.. අහ්.. දෙවියනේ.. කෙවින් මහත්මයා නේද මේ..?"
" මහත්මයෙක් නම් නෙවෙයි මින්.. මම කෙවින්..!"
" හරි හරි ඉතින්.. මොකද කෙවින් මේ හවස් යාමෙ ප්‍රධාන වීදිය පැත්තෙ..?"
YOU ARE READING
IDELLIC TEAR | JIKOOK AU | ✔️
Fanfictionමා දෑසින් සදහට නික්මූ සාමකාමීම කදුල ඔබ.. It's you ~ The most peaceful tear My eyes ever gained.. ~~ JIKOOK AU Top - Jungkook Jeon Bottom - Ji Min Park - JM, JK Centric - Mid-length Chapters - Alternative Universe ©️ A Fiction by A_Shee ~