Chapter 09

166 60 26
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඩිටෙක්ටිව් සොක්ජින්ගෙන් තමන්ට උපදෙස් ලැබුණ විදිහටම පහුගිය දවස්වල වෙනස් විදිහට තමන්ට දැනුණු ජිමින්ගේ වෙනස්වීම් මොනවාද කියන එක ගැන යුන්ගි දහඅතේ කල්පනා කරන්න පටන්ගත්තා. ඒත් පහුගිය අවුරුද්දේ තමන්ව හදාගත්තු දෙම්පියන්ගේ වියෝව වගේම ඔවුන්ගේ අවසන් කැමැති පත්‍රයේ තිබුණු තමන් බිහිකල යුන්ගිගේ ඇත්තම අම්මා ගැන තිබුණු කරුණුත් නිසා ගෙවුණු මාස දොළහටම දවසින් දවස තමන්ගෙන් ඈත්වුණ ජිමින් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන යුන්ගිට කල්පනා වුණේ නැහැ.


"2022 වර්ෂයේ පියානෝ පංතිය සඳහා නවක සිසුන් බඳවා ගැනේ - මිසිස් චෝයි"‍


ඒත් ඒ විදිහට තමන්ගේ ඊමේල් ඉන්බොක්ස් එකට ආපු ජිමින්ව රෙජිස්ටර් කරලා තිබුණු පියානෝ ක්ලාස් එකේ මිසිස් චෝයිගේ ඒ ඊමේල් එක නිසා යුන්ගිට මේ කරුණු හොයාගන්න පුළුවන් විදිහේ අළුත් අදහසක් ගැන මතක්වුණා.

ඉතින් ඒ නිසා තමයි යුන්ගිට පුළුවන් වුණේ, ජිමින්ගේ බැංකු ගිණුම ගැන විස්තර හොයාගන්න.

පැය ගාණක මහන්සියකට පස්සේ සෝල් බැංකුවෙන් ජිමින්ගේ බැංකු ගිණුම පරීක්ෂා කරලා බලන්න යුන්ගිට අවසර ලැබුණා. ඉතින් ඒ අවසරය ලැබුණ පමාවෙන්ම යුන්ගි මුලින්ම හොයන්න ගත්තේ, පියානෝ ක්ලාස් ෆීස් විදිහට ජිමින්ට පහුගිය මාස හයක කාලය ඇතුළතදි තමන් විසින් ලබාදුන්නු වොන් දොළොස්දාහක මුදලට මොකද්ද වුණේ කියන එකයි.

"ද්-ද්-ද්-දෙ-යි-ය-නේ----!!!!!!!!!"

ඒත් තමන්ගේ ඇස් ඉස්සරහාපිට පේන්න තියෙන විස්තරත් එක්ක යුන්ගිගේ කටින් පිටවුනේ ඒ වචනේ විතරයි.

Searching ‖ YoonMin X BTS [10]Where stories live. Discover now