"පීනට් මැණික කෝ ඔයා අනේ "
කිලෝමීටර් දෙකක් විතර දුර බයිසිකලය වේගයෙන් පැදගෙන ආපු නෝරාගෙ කොණ්ඩය දාඩිය නිසා මූණට ඇලිලා.නෝරා පණ දාගෙන පැයක් තිස්සෙ හොයන්නෙ නෝරාගෙ පීනට්ව.එතකොට පීනට් කියන්නෙ නෝරා හුරතලයට ඇති කරන ලේන් පැටියට.
"පීනට්..."
අහ්..මේ කොල්ලා කොහේ ගියා ද?හරිම සීතලයිත් එක්ක දැන්.
නෝරා බයිසිකලයෙන් බැහැලා පඳුරු අස්සෙ පීනට්ව හොයන්න ගත්තා.ඒත් එක්කම නෝරාට ඇහුනෙ වාහනයක් එන හඬක්.
"ම්ම් කවුද ඒ..ලොකු කාර් එකක්..."
වාහනය නෝරාගෙ ඉස්සරහ නවත්තලා ඒ වාහනයෙන් බැහැ ගත්තෙ සුදු උස කඩවසම් කොල්ලෙක්.
"මේ excuse me"
"ඔව්...මොකද ?"
"අපිට කියන්න පුලුවන් ද මිස් කිම් මීරාගෙ ගෙදරට යන පාර"
මොකක්..මෙයා මොකටද අපේ ගෙදර හොයන්නෙ.දැක්කමත් බය හිතෙනවා.මුලු ඇඟම වහගෙන.මූණක් පේන්නෙත් නෑ.හොරු ද දන්නෙත් නෑ.මේ නෝරාගෙන් එහෙම ලේසියෙන් ලිස්සලා යන්න බෑ...හුම් අපි බලමුකො...
"අහ්...මම කියන්නම් මම කිව්වොත් ඔයා මට දෙන්නෙ මොනව ද?"
නෝරා කොල්ලාගෙ උඩ ඉඳලා යටටම ඇස් යවන ගමන් ඇහුවා.
"හ්යුන්ග් මොකක් හරි ප්රශ්නයක් ද?"
කාර් එකෙන් බැහැ ගත්තෙ කළු ඇඳ ගත්තු තවත් කොල්ලො පස් දෙනෙක් නෝරා බයට අඩියක් විතර පස්සට ගියා.
"ආ...ඔය චූටි මිස් ට මොනවද ඕනෙ?"
මුලින්ම කාර් එකෙන් බැහැපු සුදු උස කොල්ලා කරුණාවන්ත විදිහට නෝරාගෙන් ඇහුවා.
"ම්ම්..මට මගේ පීනට් ව හොයලා දෙන්න"
"පීනට්...ඒ කවුද?ඔයාගෙ බෝයි ද?"
එතනින් කොටම කොල්ලා ඇහුවෙ ඔලුවත් කස කස.නෝරාට බකස් ගාලා හිනා ගියේ අහපු දේට.
"ඇයි හිනා වෙන්නෙ?"
කොට කොල්ලාගෙ කරට අත දාගෙන හිටපු අනිත් කොල්ලා ඇහි බැමක් උස්සලා කතා කරා.
"ආ...පීනට් කියන්නෙ මගේ බෝයි නෙමෙයි මෝඩයෝ ඒ මගේ ලේන් පැටියා"
"මො...ලේනෙක් ආ...😮"