Chapter 10

148 68 12
                                    


¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


දවස් ගාණක් තිස්සේ කිසිම කෑමක් තියා බීමක්වත් ඇඟට වැටිලා නැති නිසා යුන්ගිව දැන් පේන්නේ වැහැරුණු මමියක් වගේ. ඒ විතරක් නෙවෙයි කිසිම හැඟීමක් නැතුව, කාත් එක්කවත් කිසිම කතාබහක් නැතුව ඉන්න මේ යුන්ගිගෙ ඇස්වල තිබුණු වේදනාව, ඔ්න කෙනෙක්ට එයා දිහා බලපු සැණින්ම තේරෙනවා.

ඒත් මේ වෙලාවේ යුන්ගිට උදව් කරන්න හිටියේ ඩිටෙක්ටිව් සොක්ජින් විතරයි.


"සොන් හෝජුන්ගේ ඩ්‍රයිවර් ලයිසන් ගැන විස්තර - ඩිටෙක්ටිව් සොක්ජින්"


ඉතින් ඩිටෙක්ටිව් සොක්ජින්ගෙන් මොකක්හරි තොරතුරක් අපේක්ෂාවෙන් බලාගෙන හිටපු යුන්ගිට අන්තිමේදි ඒ බලාපොරොත්තු වුණ කෝල් එකත් ලැබුණේ, මේ ඊමේල් එක එයාගේ ලැප්ටොප් ස්ක්‍රීන් එකට ලැබෙනවාත් එක්කමයි.

"සොන් හෝජුන් කියලා කෙනෙක් ගැන මොකක්හරි මතකයක් තියෙනවද යුන්ගී????"

යුන්ගි කෝල් එක ආන්සර් කරද්දිම ඇහුණේ සොක්ජින්ගේ බැරෑරුම් කටහඬ තමයි.

"නෑ-- එහෙම නමක් අහලා නෑ---"

එහෙම කියන ගමන් සොක්ජින්‌ගෙන් මීට තත්ත්පර කිහිපයකට කලින් තමන්ට ලැබුණු ඊමේල් එක යුන්ගි ඔ්පන් කරගත්තා. එයාට ඒකෙදි දකින්න ලැබුණේ සොන් හෝජුන් කියන නම යටතේ ලියාපදිංචි උන, නමුත් ජිමින්ගේ ෆොටෝ එකක් තියෙන ඩ්‍රයිවින් ලයිසන් එකක්.

"මං ඔයාට කලිනුත් කිව්වනේ ජිමින්ගේ හැසීරීමේ මොකකහරි ලොකු වෙනසක් මට සැකයි කියලා... ඉතින් ඒ සැකේ නිසාම තමයි මං ජිමින්ගේ ඩිලිට් කරලා තිබුණු එයාගේ හාඩ්ඩ්‍රයිව් එකේ කන්ටැක්ස් ටික රිකවර් කරගත්තේ......"

Searching ‖ YoonMin X BTS [10]Donde viven las historias. Descúbrelo ahora