සතියක්ම ගෙවිලා ගියා... මේ සතියෙ හැම දවසකම උනේ එකම විදිහෙ දේවල් උනත් ඒවා මහ අමුතු දේවල් කියලා තමයි ටේට හිතුනෙ .... ☹️
හැමදාම ටේහ්යොන්ග් රෑට මතක් කරලම වහලා නිදාගන්න ජනේලෙ උදේ වෙද්දි හැමදාම ඇරලා තිබුනා. ඒ නිසාම හැමදාම ටේව ඇහැරවන්න රූම් එකට එන තාත්තාගෙන් ටේ බැනුම් ඇහුවා .... 😒
මේ අවුරුදු දහඅටටම කවදාවත් දවල්ට නිදාගෙන නැති ටේට මේ සතියෙනම් දවල්ටත් දැනුනෙ මහ පුදුම නිදිමතක්. නිකන් රැයක් නිදි මැරුවා වගේ නිදිමතක් තමයි එයාට දැනුනෙ .... 😕
ඔහේ වැටෙන වැටෙන තැන නින්ද යන්න තරම් තෙහෙට්ටුවක් ටේට දැනුනා. ඉතින් ටේට ඔහේ වැටෙන වැටෙන තැන්වල ටේටත් නොදැනීම නින්ද ගියා .... 😴
ඒ වගේම හැමදාම පත්තරේ මර්ඩර් එකක් ගැන තිබ්බා. ඒ හැම කෙනෙක්වම මරලා දාලා තිබ්බෙ එකම විදිහට. ඒත් ඒ හැමෝම එක එක පැතිවල අය .... 😐
ඒ නිව්ස් එක දැකලා හැමදාම උදේට කලබල වෙන ටේගෙ තාත්තා රෑ නින්දට යනකම්ම කරන්නෙ වැටුන වැටුන තැන්වලට වෙලා ඔහේ කල්පනා කරන එක .... 😒
YOU ARE READING
- නපුරේ පියාපත් -
Mystery / Thrillerඉගිලෙන එක මේ තරම් මේ වේදනාවක් කියලා දන්නවනම් මම කවදාවත්ම ඉගිලෙන්න හීනෙකින්වත් ආස කරන කෙනෙක් නොවෙන්න තිබුනා .... 😔 ---- ටේහ්යොන්ග් ----