සුදු පැහැයෙන් පරිපුර්ණ වූ සද දිදුලන සැන්දැ යාමයත් රාත්‍රී යාමයත් අතර මොහොතක් විය....
මුහුදු රැල්ලත් එක්ක තාලයකට වගේ හමාගෙන ආව ලුණු මිශ්‍ර සීතල සුළං පොදෙන් ඇඟට දැනුනු හිරියත් එක්කම අත් දෙක හකුළුවාගෙන ලඟට කරගත්තු ඇගේ දිලිසෙන ඇස් එල්ල වෙලා තිබුනේ ඇතින් පෙනෙන අහසේ ලස්සනට පායලා තිබුණු සඳ දෙසටයි...
ඔව් සද ,
සඳ කියන්නෙ ඇගේ හැම ප්‍රශ්නයකදිම ඇයට ලැබුණු පිළිතුරයි...
ඇයට ඇගේ සඳගනාව මතක් වෙන හැම මොහොතකම ඇ කලේ සඳ දිහා බලාගෙන ඔවුන්ගෙ ලස්සන මතකයන් ආවර්ජනය කරපු එක.
එත් ඒ ලස්සන මතකයන් වලට තිබ්බ අවසාන තිත ඇයට ගොඩක් රිදුම් ගෙන දුන්නා.. එය එසේ නොවුනා නම් අදත්, මීට පෙරත්, අනාගතයේදීත් ඇගේ දෙනෙත් වලින් කදුළු නොවැටෙන්නට තිබුනා...
ඒ හිතට තනිකමක් නොදැනෙන්නට තිබුනා...කෙසේ නමුත්,
මුහුදු වැල්ලේ කොනක වාඩිවෙලා සද දෙස බලන් හිටපු ඇගේ දෑස් වෙනතකට යොමු වුනේ නොදැනිමයි
ඒ දෑස් නතර උනේ...
දෑස් විතරක් නෙවෙයි හදවතත් මොහොතකට නතර වුනේ රැල්ලත් සමඟ එහෙ මෙහෙ දුවමින් උන්නු ගැහැණු ලමයි දෙන්නෙක් දෙසටයි...මොකක් හරි හේතුවක් නිසා ඔවුන් හිටියේ ගොඩක් සතුටෙන්...
ඔවුන්ගේ මුහුණුවලට වැටිලා තිබුණු සද එළියෙන් ඒ සතුටට හේතු වුනු කාරණය ඒ දීප්තිමත් ඇස් වල වගේම මුහුණේ ඇඳිලා තිබුණු ලස්සන හිනාවෙන් ඕනිවට වඩා ඉස්මතු වෙලා පෙණුනා...
ඔවුන් දෙදෙනාගේ දර්ශනයත් එක්කම මීට වසර ගනනකට කලින් ඇයට ඇගේ පළමු ආදරය මුණගැසුනු විදියත් ඇය සමග සතුටින් ගෙවූ කාලය ගැනත් නැවත සිහිපත් වුයේ කදුළු ඇගේ දෑස් වසා ගනිද්දි....
ඒ ලස්සන මතකයන් පෙළ නැවත සකස් කරන චිත්‍රපටියක් ලෙසින් ඇයගේ හදවතේ ඇදෙන්නට විය ඒ රාමු පෙළ අතර ඇය නතරවන්නට විය....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඊයේ දාපු එක delete වෙලා
මොනවා උනාද දන් නෑ 🙂💔
Comment , vote දාපු අය
ආයෙත් දාන්නකෝ පීස් 🙂♥️
හැමෝම පවුල එකක් පරිස්සමෙන් ඉන්න
Bye ♥️🌝
YOU ARE READING
To My Moonflower 🤍🌙||Gl|| On Going
Short Storyදඟකාර ඒ දෑස් ළඟ නැවතුනු හැටි මටද පුදුමය.... ~ කුමක්ද මේ හැඟීම? මම තවම සොයයි. දිගු ඇස් පිහාටු... ඒ සිනහව... දෑතේ උණුසුම... හැමදාමත් විඳින්නට අවැසිය මට.... එනමුදු, දෛවය හැමදාමත් කුරිරුය කිසිදා එක් නොවන බව දැන දැනත්.... ~ මා තවමත් ප්රේම කරන අන්දම මටද...