රොක්-බයිසන් කියලා නමක් හදාගෙන යූ ගෝස්ට් ව්ලොග් සයිට් එකේ ජිමින් එක්ක කතා කරපු ජස්ටින්, ජිමින්ගේ අතුරුදහන්වීමට කිසිම සම්බන්ධයක් නෑ කියලා සොක්ජින් කිව්වත්, යුන්ගිගේ හිත මොකද්දෝ හේතුවකට හරිම කලබලයි.
ඒත් එයා සොක්ජින්ව තදින්ව විශ්වාස කලා. මොකද එයාට මේ වෙලාවේ පිහිටට ඉන්නේ එයා විතරක් වුණ නිසයි. ඒ වගේම තමන්ගේ අතුරුදහන්වුණ මල්ලිම හොයන්න සොක්ජින් කොච්චර මහන්සිවෙනවද කියන එක ගැන යුන්ගිට කිසිම සැකයක් තිබුණේම නැති තරම්.
පහුගිය ගෙවුණු දවස් කිහිපයට නින්ද කියන දේ යුන්ගිට මඟ ඇරුණත්, ඇඟට කියාගන්න බැරි තරමේ මහන්සියක් දැනුණත්, ඊටත් වඩා යුන්ගිගේ හිතයි මේ වෙලාවේ හුඟක් වේදනා වින්දේ.
ඒ ජිමින් නිසා.
තමන්ගෙ එකම සහෝදරයා මේ වෙලාවේ කොහෙ ඉන්නවද, එයාට කරදරයක්ද, නැත්තම් සොක්ජින් කියනවාත් වගේ එයා ජේජුවලට පැනලා ගිහින්ද කියලාවත් කිසිම හෝඩුවාවක් නැති පසුබිමක යුන්ගි කොහොම කියලා සැනසීමේ නිදාගන්නද? ඒ නිසාමයි කොච්චර නිදාගන්න උත්සහ කලත් යුන්ගිගේ ළඟට නම් ආසාවකටවත් නින්දක් ආවෙ නැත්තේ.
ඉතින් ඒ නිසාම තමයි රෑ එකත් පහුවෙලා තියෙන වෙලාවක යුන්ගි ආයෙමත් එයාගේ ලැප් එක ඔන් කරගෙන ගෝස්ට් යූ වෙබ්සයිට් එකේ ජිමින් කරලා තිබුණු පුංචි ව්ලොග්ස් ටික බලන්න ගත්තේ. මොකද, පහුගිය අවුරුද්දටම නොදෑකපු ජිමින්ගේ ඒ සුන්දර හිනාව යුන්ගිට දකින්න ලැබුණේ මේ වීඩියෝ කිහිපයෙන් විතරක් නිසා යුන්ගිට මේ ජිමින් කරලා තිබුණු වීඩියෝස් නොබලා ඉන්න හේතුවක් තිබුණේ නැහැ.
YOU ARE READING
Searching ‖ YoonMin X BTS [10]
Fanfictionඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...