කැමීලියා

230 31 14
                                    

කැමීලියා
♡︎

හැමදාමත් වගේ සන්සුන්, සිහින් පියානෝ වාදනයක් ඇහෙනකොට මම නින්දෙන් අවදි වෙනවා. එලාම් ඔරලෝසුව නිහඬ කරලා, ගැඹුරු හුස්මක් අරන් ඇඳෙන් වාඩි වුණා ම, පුරුද්දට ම ඇස් දෙක ඇඳට එහා පැත්තෙ තියන එයා ගෙ පින්තූරය දිහාට යනවා.

ලස්සනයි..

හිතත් පුරුද්දට වගේ මුමුණනවා.

මුහුණ සෝදලා ඇඳුම් මාරු කරගෙන කාමරේ ජනෙල් ඇරලා බලද්දි එළියෙ හැම තැනක් ම සුදු පාට ට දිලිසි දිලිසි තියෙනවා.

හිම වැටෙන්න පටන් අරන්..

දුම් දාන කෝපි කෝප්පය අත් දෙක මැදට ගුලි කරගෙන, ජනෙල් වීදුරුවෙ මගෙ හුස්මින් මැවෙන රටා මග ඇරලා, එළියෙ එකිනෙකාට තුරුළු වෙලා ඉන්න ආදරවන්තයො දිහා මං බලාගෙන ඉන්නවා.

ඒ අතරින් හොඳම යාළුවො දෙන්නෙකුත් ගොඩක් සතුටෙන් ඇවිදගෙන යනවා. එක්කෙනෙක්ගෙ කරේ අනිත් කෙනා එල්ලි එල්ලි කෑගහ ගහ හිනා වෙවී තරුණ ජීවිතේ උපරිමයෙන් විඳින එයාල දිහා බලාගෙන ඇස් දෙක හිතට විස්තර කියද්දි හිත යාන්තම් හිනා වෙනවා.

එයාල හොඳම යාළුවො විතරයි ද?

අවුරුදු කීපයකට කලින් මගෙ අත අල්ලගෙන ඒ විදිහටම උඩ පැන පැන නටපු මියුකො ව හිත ඇස් දෙකට මතක් කරල දෙනවා..

එයා මොනව කරනව ඇති ද..

ඇස් දෙක කඳුළු බින්දු දෙකකින් හිතේ බර අඩු කරන්න හදනවා. ඒත් හිත තාම අඬනවා..

මියුකො නකමුරා.

ඇඳ ළඟ තියෙන 'ලස්සන' පින්තූරෙ අයිතිකාරි.
හරියට බැලුවොත් මගෙ ඇස් දෙකෙන් ගිලිහුණු කඳුළු බින්දු දෙකෙත් අයිතිකාරි..

දෙයියනේ අවුරුදු අටක් ගත වෙලා.
මීට අවුරුදු අටකට කලින් උදා වුණු මගේ ජීවිතේ අඳුරුම දවස මට මතක් වුණා.

"මියුකො... අහන්නකො පොඩ්ඩක්..."

ඒ අහංකාර කැමීලියා මල මාව ගණන් ගත්තෙ නෑ. ඒ එයාගෙ හැටි.

කැමීලියා ♡︎ | ᵍˡ  ˢʰᵒʳᵗ Where stories live. Discover now