ඔය අතරේ සේමි එලියට ගියා කොහෙන් හරි පැනගන්න පුළුවන් තැනක් තියේද කියල බලන්න... එයා හැම තැනම ගියා... පාලුවට ගියපු නිසා කෙල්ලට ලොකු බයකුත් තිබුනා... එත් හැම තැනම හෙව්වා.. ඒ ලොකු vampire ගෙදර එළියේ නිමක් නෑ... ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ දොර පෙන්නේ නෑ... එයාල දිගින් දිගටම යනවා... තාප්පයක් වත් මිනිස්සුන්ට පෙන්නේ නෑ...
(ඔයාලා බනිනෝ නේ මට 🫡ඉතිං මන් මක්කොරන්නද 😌ඒ කතාවේ ස්වභාවය 😌✊)
කෙල්ලට දැන් හොදටම මහන්සි.. ගොඩක් දුර පයින් ගිය නිසා... හෙන වැස්සකුත් කඩා පාත් වෙන්න ගත්තා... කෙල්ල තෙමිගෙනම ආවේ අර vampire ගෙදර ළග තියෙන පොකුණක් ලගට...
*මේ ගෙදර මට එලියට යන්න තැනක් ඇත්තෙම නෑනේ දෙයියනේ... දැන් මන් මොකෝ කරන්නේ... මේ මිනිස්සුන්ට ලේ දිදී ඉන්න බෑ... මට college යන්නත් ඕනි... ඔම්මා ඉක්මනින් එන්න... තවත් නම් මෙහෙ ඉන්න බෑ...*
සේමි හිතුවා...
"ඒ සේමි...වැස්සේ තෙමෙන්නේ නැතුව ඇතුලට එනවා...පිස්සි වගේ... එනවා ඇතුලට..."
"හා හරි...."
Hobi කතා කරාම සේමි හා කිව්වා...
*ඔය ඇතුලේ ඉන්නවට වඩා හොදයි එලියට වෙලා ඉන්න එක... දෙයියනේ මටත් මේ වගේ වැඩ වුනානේ...*
සේමි හිතමින් ඇතුලට ගියා...
"ආ මේක ගන්නවා... ඔලුව පිහද ගන්න..."
Hobi පිහදන රෙදි කෑල්ලක් සේමි ට දික් කළා...
"තමුසේ මොකටද එලියට ගියේ ආ... පිස්සුද... අනික මතක තියාගන්නවා... මේ ගෙදරින් යන්න බෑ කවදාවත්..."
Hobi කට කොනින් හිනා වෙන ගමන් කිව්වා...
"බය කරන්න එපා... තමුසෙලා හැමෝම පට්ට නරකයි... ජිමිනයි සුගා ඔප්පයි විතරයි තවම මොකුත් නොකළේ... එත් ජිමිනව මට ෂුවර් නෑ... ඒකගේ බැල්ම හරි නරකයි... සුගා ඔප්පා හොද පාටයි... එයා එච්චර මොකුත් පේන්නේ නෑ...තමුසෙත් එන්න එපා මන් ලගට... මන් යනවා..."
සේමි එහෙම කියාගෙන එයාගේ කාමරේට ගියා... Hobi මොකක්ද වුනේ කියලා තවමත් හිටපු තැන ඉදගෙන ම කල්පනා කරනවා...
YOU ARE READING
✨ _*Blood Panthers*_ 👑
Vampirosලේ පිසාච සහෝදරයෝ පස් දෙනෙක්... එක් මිනිස් කෙල්ලෙක්... ඔහුගේ පියා, මව... ඇගේ පියා, මව... මේ vampire කොල්ලෝ හත් දෙනා මේ මිනිස් කෙල්ලව අයිති කරගන්න කරන නොයෙකුත් දේවල් මේ කතාවේ අඩංගු වෙනවා... කාටද මේ මිනිස් කෙල්ලව අයිති වෙන්නේ කියලත් මේකේ අඩංගු වෙනවා...