🍃~ප්‍රේමයට කොයිද සීමා~ 🍂

76 16 26
                                    


ආදරය කියන්නෙ දකින්න පුලුවන් දෙයක්වත් , ස්පර්ශ කරන්න පුලුවන් දෙයක්වත් නෙවෙයි..... ආදරය කියන්නෙ තමන්ගෙ හදවතට දැනෙන ලස්සන හැගීමක්....

ඕනම කෙනෙක්ට තව කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන් ,..
ආදරයට පෝසත්ද..දුප්පත්ද..ලස්සනද..අවලස්සනද..දක්ෂ ද අදක්ෂද මේ වගේ දේවල්වලින් කොහෙත්ම වැඩක් වෙන්නෙ නෑ.....

කොටින්ම කියනව නම් ආදරයට කාලය අදාළ වෙන්නෙත් නෑ....තමන්ගෙ අවසාන මොහොත වෙනකන්ම ආදරය කරපු අය ඉන්නවා...තමන්ගෙ ආදරය වෙනුවෙන් ජීවිතය නැති කරගත්තු අයත් ඉන්නවා....

ඒ සීමාවක් නැති අසීමාන්තික ආදරය.....

කෙනෙක් තව කෙනෙක්ට හදවතින්ම ආදරය කරනකොට හොයන්නෙ ඒ හදවතේත් ඒ හා සමානව තියන ඒ ආදරය කියන පිරිසිදු හැගීම.....

මාත් ඒ පිරිසිදු හැගීම වැළදගත්තු කෙනෙක්....තාමත් ඒ හැගීම තුළ ජීවත් වෙන කෙනෙක්..... 🍂

කල්පනා ලෝකෙක ගිලිලා ඉන්නකොට මං පියවි සිහියට ආවෙ මගෙ එහාපැත්තෙන් ඇහුනු හුරුබුහුටි කටහඩට....

එයා අවුරුදු 15 ක පුංචි ගෑනු ළමයෙක්....පේන විදියට බුද්ධිමත් ළමයෙක්....

මාත් එක්ක කතා කරාට කමක්නැද්ද කියලා අහපු නිසා මාත් හිනාවකින් උත්තර දීලා කමක්නෑ කිව්වා....

ඒ ගෑනුළමයා ඇය ගැන කියන්න පටන්ගත්ත..ඇය යූනා...ළමා නිවාසෙක හැදෙන කෙනෙක්...ඒ වගේම කතා ලියන්න ගොඩක් දක්ෂ කෙනෙක් වගෙ....මොකද ඇයගෙ සමහර සිතුවිලි ගොඩක් ලස්සනයි , සමහරක් ඒවා ගොඩක් ගැඹුරුයි.. පුංචි වයසට සමහර දේවල් ගැන ඕනවටත් වඩා දන්න පාටයි....

මේ ගැන තිබ්බ දෙගිඩියාව නිසාම මං ඇයගෙන් ඇහුවා " මෙච්චර නිර්මාණාත්මක සිතුවිලි ඔයාට කොයින්ද කියලා "

ඇය මට පිළිතුරු දුන්නෙ පොත් කියවීමෙන් කියලා....ඇය දවසකට එක පොත ගානෙ කියවලා ඉවර කරන්න පුරුදුවෙලා ඉන්නවලු....විනෝදාංශය හැටියට පොත් ලිවීම සහ කියවීම තෝරගත්තු ළමයෙක්.

පස්සේ ඇය මං දිහාට ප්‍රශ්නාර්ථ බැල්මක් දාපු නිසා මං ටිකවෙලාවක් ඇය දිහා බලන් හිටියේ ඇය අහන්න යන්නෙ මොකක් ද කියලා තේරුම්ගන්න බැරුව....

~~ප්‍රේමයට කොයිද සීමා~~                                     °• | Completed | •° Where stories live. Discover now