"ජිමින් කියන්නේ කින්ඩර්ගාඩ්න් එකේ ඉදන්ම මගේ හොඳ යාළුවෙක්.... එයාට මේ වෙලා තියෙන දේ ගැන මට හිතාගන්නවත් බැහැ.... අ-අ-අපි දෙන්නා හුඟක් ළඟින් එකටම හිටියත්, එයාට මේ වගේ නරක දෙයක් වේවි කියලා මං නිකමටවත් හිතුවේ නැහැ..... ප්ලීස්----- ඔයාලා කාටහරි අපේ ජිමිනා ගැන මොකක්හරි තොරතුරක් ලැබුණොත්, ළඟම තියෙන පොලිස්සියට ඒ ගැන දැනුම් දෙන්න.... අපිට අපේ ජිමින්ව හොයාගන්න උදව් කරන්න.... අපි ඒ වෙනුවෙන් කරන කැම්පේන් එක @tae_tae කියන මගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එක ෆලෝ කරලා ඔයාලට දැනගන්න පුළුවන්.... ඒ නිසා මාව ෆලෝ කරලා අපිට ඒ කැම්පේන් එකට සපෝට් කරන්න....."
යූටියුබ් එකේ ඒ වෙනකොටත් වීව්ස් මිලියනයත් පහුකරලා ට්රෙන්ඩින් වන් වෙලා තිබුණු ටේහ්යොන් විසින් කරලා තිබුණු ඒ පුංචි වීඩියෝ ක්ලිප් එක දිහා යුන්ගි බලාගෙන හිටියේ හරිම පිළිකුලෙන්.
මොකද ජිමින්ගේ අතුරුදහන්වීම ගැන මුළු ලෝකයක්ම කතා කරන්න තිබුණු වෙලාවක, ටේහ්යොන් කියන මේ කතාව පිටිපස්සේ තියෙන ඇත්ත මොකද්ද කියලා ටේහ්යොනුත් හොඳාකාරව දැනගෙන හිටියත්, තමන්ගේ හොඳ පැත්ත පෙන්නලා ගන්න හදන මේ විශේෂ අවධානෙ ගැන යුන්ගිට දැනුනේ තරහවකටත් වඩා ලොකු දුකක්.
"මගේ චිම්ව ඔයාලා හැමෝම තනි කලා........."
යුන්ගි හිතලා එහෙම කිව්වෙ නැහැ.
එයාට ඒක කියැවුණා.
ඉතින් ඒ අතරේ ගිගිරුම් දිදී සෝල් අගනුවරට තවමත් ඇඳහැලෙන මහ වර්ෂාවට ඇහුම්කන් දෙමින්, මිනිස්සු ජිමින්ගේ අතුරුදහන්වීම ගැන කියලා තියෙන හැම දෙයක්ම මඟ නොහැර බල බල හිටපු යුන්ගි, එක කමෙන්ට් එකක් දිහා දැන් විනාඩි කිහිපයක් තිස්සේ ඇස්පිය නොගහාම බලාගෙන හිටියා.
VOCÊ ESTÁ LENDO
Searching ‖ YoonMin X BTS [10]
Fanficඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...