Chapter 15

145 64 18
                                    


¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


පහුගිය දවසක නම්ජුන් එක්ක යුන්ගි ඇති කරගත්තු කලබලේ නිසාම සොක්ජින් විසින් ජිමින්ගේ හැම වැඩ කටයුත්තකින්ම යුන්ගිව අයින් කරපු එකෙන් වුණේ, කොල්ලා නිකන් ඉබාගතේ යන යාචකයෙක් වගේ කිසිම අරමුණක් නැතුව තනියෙන් කාලෙ ගත කරපු එක විතරයි.

ඒත් සොක්ජින් එක්ක කතා කරලා ජිමින් ගැන මොනවාමහරි තොරතුරක් ලැබුණද කියලා දැනගන්න යුන්ගිට ලොකු උවමනාවක් තිබුණත්, එයා ඊයෙ හවස කියපු හැම වචනයක්ම යුන්ගිගේ ඔළුව පුරා දෝංකාර දුන්න නිසාම එයා ඒ සිතුවිල්ල එහෙම්මම අමතක කරලා දැම්මේ ලොකු හිස්බවකින්.

ඉතින් ඒ නිසාම කිව්වත් වගේ අද දවසට යුන්ගිට වෙන කරන්න වැඩකුත් තිබුණෙ නැති තරම්.

ඒ නිසාම දැන් සති ගාණක් තිස්සේ වහලා දාලා තිබුණු ටීවී එක ඔන් කරපු යුන්ගි, සාලෙ තිබුණු පුටුවට හේත්තුවුණේ බියර් කෑන් එකකුත් එක උගුරට බීලා ඉවර කරගෙනයි.


"මට මේ සිද්ධිය ගැන මෙහෙම විස්තර කරන්න පුළුවන්.. 'පාර්ක් ජිමින්ගේ අභිරහස---!!'

ඒ කියන නම මේ වෙලා තියෙන සිද්ධියට කියාපුම නමක් කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද MC.... මොකද මේ අවුරුදු විස්සක තරුණයා අනිවාර්යෙන්ම ගෙදරින් පැනලා ගිහින් තමයි ති----"


කොරියානු ප්‍රධානෙ පෙලේ නාලිකාව විකාශයන වුණ වැඩසටහනකින් ඇහෙන්න ගත්තු ඒ කතාවත් එක්කම දෙපාරක් නොහිතාම යුන්ගි වෙන චැනල් එකක් මාරු කලේ, තරහටම එයාගේ උගුරෙන් පොඩි ගෙරවිල්ලකුත් පිටවුණ පසුබිමකයි.

Searching ‖ YoonMin X BTS [10]Donde viven las historias. Descúbrelo ahora