මියානේ

84 12 21
                                    

තැනින් තැන කොළ ගුලි වැටී ඇති අඳුර වට කල කුඩා කාමරයක තරුණ දැරියක් ලී මේ සයක් මත හිස තබාගෙන සිටියා. එහි අනික් පසින් තීන්ත බඳුනක් පින්සලක් හා කඩදාසි කිහිපයක් තිබුණා.

යං යං:ෂියෑං ලී ඔබ මා මඟහැර මෙලෙස පිටව යන්නේ කෙසේද? 

ඔබ කෙසේද ඔතරම් පහසුවෙන් එම මතකයන් අමතක කර දමන්නේ?

ෂියෑං ලී:කෙසේ හෝ අමතක කරන්නම්. ඔබේ මුසාවන් වෙනුවෙන්. සෙනෙහසෙ කියන්නෙම මුසාවක් බව ඔබ ඉගැන්වූ පාඩමට බොහෝ සෙයින් ස්තූතියි.

 ගිම්හානයට වියළී ගිය දරදඬු ගසක් යට හදවත සීරෙන වචන වලින් ඔවුන් ඔවුන්ටම පහර දුන්නාය.

තර්ක විතර්ක මැද ඔවුන්ගේ ආදර කතාව බොහෝ දුර අතීතයකට ඇඳී ගියා. අනෝරා වැසි දවසක, කොළ හැලී ගිය ඉඩෝරයක, හිම පියලි වැසුනු සීතල දවසක, මලින් පිරුනු වසන්තයක එකම තුරු සෙවණක් යට කල් ගෙවූ අපි මොහොතක සිනාසුනා සේම තව මොහොතක කඳුළු සැළුවා.එහි පිහිටි මැදිවයසෙහි පසු වූ වුක්ෂයේ ශක්තිමත් විසල් මුල් වල පවස නිවන පොකුණක් එහි තිබුණා. එම පොකුණ සෑම දිනම ස්වේත වර්ණ සියපත් වලින් සැරසී තිබුණා. එක් දිනක් ස්වේත වර්ණ සියපත් අතරින් එක ජපා වර්ණ සියපත් කැකුළක් ජලයෙන් මතු වුණා. 

හරිත වර්ණ මිණි එළි විහිදවමින් රැහැයියන් රෑ පුරා උසුළු විසුළු කරන විට, ස්වේත වර්ණ සියපත් අවවාද දෙන විට, විශ්වාසය නම් වූ වුක්ෂය යට ෂියෑං ලී බලා සිටියේ එම සියපතෙහි සියපත් දිග හැරෙන තුරු.

එකමත් එක උදෑසනක එම ජපා වර්ණ සියපත මුළු පොකුණම ඒකාලෝක කරමින් දිගහැරුනා.

එයින් උණුසුම් හදවතක් ඇති කුමාරයෙක් අවදි වී ඈ අසලට ලං වී, ඈ දෙසම බලා සිටියා.
විඩා බරව පියවුනු ඇගේ කුඩා දෙනෙත් අඟ රැළි සහිත ස්භාවයක් ගත්තා. ජපා වර්ණ දෙකම්මුල්, කුඩා දෙතොල් වටකුරු මුහුණ, උකුල දෙසට දිගු අකීකරූ හිසකෙස්, ඇති ඇයට හැඩැති කුඩා සිරුරක් තිබුණා. එම නිසා ගොරෝසු රෙදි කඩකින් මසා තිබූ වැහි වලා පැහැති ඇඳුමට ඇගේ සුන්දරත්වයට අඩුවක් එක් කිරීමට නොහැකි වූවා.

යම් අයෙකුගේ සෙවණැල්ලක් අෑ මතට වැටෙනු අැයට දැනුණු නිසා අවධි වූ ඇය තිගැස්සී ගියේ ඈ දෙසම බලා සිටි කුමාරයාව දැක.

මියානේ (Short Story)✅Where stories live. Discover now